බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැලෝන් එන ඇල්ප්ස් ගවයන් හැඩ කරන අපූරු රූපලාවන්‍ය ශිල්පියා

by editor
අගෝස්තු 22, 2020 - Updated on අගෝස්තු 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර –
ඡායාරූප – ශෂී සුබ්‍රමනියම් –

 

  • එක ගවයෙක් හැඩ කරන්න ලංකාවෙ මුදලින් රුපියල් 12 000ක්
  • ඇතැමුන් ගවයින් දිනපතා ගව රූප ලාවන්‍යාගාරයට ගෙනියනවා
  • ඇල්ප්ස් කඳු ආශ්‍රිත ගොවීන්ගෙ ගවයින් රූපලාවන්‍ය කටයුතු වලට ගෙනියන්නෙ අවුරුද්දකට වතාවයි….
  • ගව රූපලාවන්‍ය කටයුතු කරන්නේ විශේෂිත අට්ටාලයක…

අද අප හමුවීමට යන්නේ මෙතෙක් සති කීපයක් පුරා අප ඔබට තොරතුරු ගෙනා රෙබෙකා හා මාර්ටින් නොවේ. ඔවුන්ගේ ජීවනෝපාය සරි කර ගැනීම සඳහා උපකාරීවන පිරිසකගේ රූපලාවණ්‍ය ශිල්පියාවය.
විසිපස් හැවිරිදි මාර්කො සිය රූපලාවණ්‍ය පෙට්ටියෙහි තමන්ට අවශ්‍ය ආම්පන්න තෝරමින් සිටී.

මාර්කො ගේ ආම්පන්න

විදුලි බලයෙන් ක්‍රියාත්මක වන හිස බූ ගාන මැෂින් කීපයක්, ප්‍රමාණයෙන් තරමක් විශාල පනා කීපයක් හා ස්ප්‍රේ වර්ග කීපයක් ඔහු සිය ගව මඩුවෙහි ඉදිරි දොරටුව අසල රඳවා ඇති පෙට්ටියෙන් ඉවතට ගත්තේය .
අද අප විස්තර කරන කථානායකවරයාගේ පාරිභෝගිකයින් වන්නේ ඇතැම්විට කිලෝග්‍රෑම් හයසියයක් පමණ බර අයෙකි. අඩුම බර ඇති පාරිභෝගිකයා කිලෝග්‍රෑම් දෙසීයකට වඩා වැඩිය. ඔවුන් අන් කිසිවකු නොව අප මෙතෙක් විස්තර කළ ඇල්ප්ස් ගවයින්ය..

මාර්කෝ ගවයෙකුගේ වල්ගය හැඩ කරමින්

මිනිසුන් හැඩගන්වන රූපලාවණ්‍ය ශිල්පීන් ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් ගවයින් හැඩගන්වන රූපලාවන්‍ය ශිල්පීන් පිළිබඳව නම් ඔබ අසා නැතිවනන්ට පුලුවන. ඇතමුන් සිය ගවයන් දිනපතා, සතියකට, මසකට වරක් හො වසරකට වරක් රූපලාවණ්‍ය ශිල්පීන් වෙත යාම පුරුද්දක් කරගෙන තිබේ. එබැවින් බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන්ට ඔවුන්ගේ පාරිභෝගිකයින් වසරකට කිහිප වරක් මුණ ගැසීම සාමාන්‍ය දෙයකි. එහෙත් අද අප කතා කරන පාරිභෝගිකයින් ඔහු වෙත එන්නේ ,”වඩාත් නිවැරදිව කිවහොත්, ඔහු වෙත ගෙන එන්නේ වසරකට එක්වරක් පමණි .”

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ගවයාගේ පිටේ රෝම කපා හැඩ කරන අයුරු

සෑම වසරකම ඔක්තෝම්බර් මාසය සාමාන්‍යයෙන් මාර්කොට වැඩ අධික කාලයකි. ඒ ඇල්ප්ස් කඳුවැටිවල සිට පහළට පැමිණෙන ගවයින් ගව ප්‍රදර්ශනය සඳහා ඔක්තෝම්බර් මාසයේදී සූදානම් කෙරෙන බැවිනි. මෙම ගව ප්‍රදර්ශනයේදී රූප රැජින තෝරන තරගයක දීමෙන් විවිධ අංශ යටතේ ගවයින් තරඟ වලට ඉදිරිපත් කිරීම සිදු කෙරේ. (ගව ප්‍රදර්ශනය පිළිබඳ විස්තරාත්මක තොරතුරු මීළඟ මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න)

වල්ගයේ රෝම ඉවත් කරන්නේ වඩාත් වැඩි කල්පනාවෙන්…

මාර්කෝ වැනි ගව රූපලාවණ්‍ය ශිල්පීන්ගේ කාර්ය වන්නේ තරග සඳහා ඉදිරිපත් කරන ගවයින් හා එළදෙනුන් අලංකාරවත් කිරිමය. හැඩ ගැන්වීම ය .”ගවයෙකු තරග දිනවීම සඳහා ලස්සන කිරීම විතරක් නෙවෙයි අපේ කාර්ය. මගේ අදහස වන්නේ තරගයකින් දිනන්න බැරි ගවයෙකු මේකප් හා ස්ටයිලින් ( stylin). මගින් දිනවන්න බැහැ. ඒක තමයි මූලික පදනම . එහෙත් අපට පුළුවන් කිසියම් ආකර්ෂණීය බවක් ස්ටයිලින් මගින් ගවයාට ලබාදෙන්න. එය කිසියම් ප්‍රමාණයකට හේතුවක් වෙනවා, විනිසුරුවන්ගේ ආකර්ෂණය දිනාගන්න “යැයි මාර්කෝ පැවසීය .

මාර්කො ගේ දෛනික ජීවනෝපාය වන්නේ කිරි ගව කර්මාන්තයයි . බොහෝ කිරි ගොවීන් මෙන් මාර්කො ඒ සඳහා විශේෂ අධ්‍යාපනයක් ලබා ගෙන තිබේ. කිරි ගොවි කර්මාන්තය සිය පරම්පරාවෙන් උරුම වූ වත් සෑම කිරි ගොවියකු ම හැකි පමණින් ඒ පිළිබඳ මූලික අධ්‍යාපනය ලැබීම සිදු කරයි. එහෙත් ගව රූපලාවන්‍ය සඳහා එවැනි අධ්‍යාපන වැඩපිළිවෙලක් ස්විට්සර්ලන්තයේ නොමැත. ඊට උනන්දුවක් දක්වන්නන් සිදුකරන්නේ ජේෂ්ඨයෙකු ළඟට ගොස් ඉගෙන ගැනීම හෝ තනිවම තමන් සතු ගවයින් අලංකාරවත් කර ඉගෙන ගැනීමය.

ස්ප්‍රේ කර දීප්තිමත් වරණයක් ලබා ගන්නේ රෝම ඉවත් කර ගවයා හැඩ කළ පසුයි…

“ගවයෙකු ස්ටයිලින් stylin කිරීමේදී අපගේ ප්‍රධානතම අවධානය යොමුවන ස්ථාන කීපයක් තියෙනවා . ඒ තමයි පිටකොන්දේ රෝම කූප අඟල් කිහිපයක ප්‍රමාණයකට රඳවා ඉතිරි ප්‍රමාණය අඩු කිරීම. වලිගය අලංකාරවත් කිරීම හා කුර වර්ණවත් කිරීමට ඊලඟට අවධානය යොමු වෙනවා. ඊට අමතරව ගවයින්ගේ මතුපිට සමට කිසියම් ප්‍රමාණයක දීප්තියක් ගෙන දීම සඳහා අප ස්ප්‍රේ වර්ග පාවිච්චි කරනවා.” යැයි මාර්කො සිය වෘත්තිය වෘත්තියේ ස්වභාවය පැහැදිලි කළේය.

ගවයින් අලංකාරවත් කිරීම ගව ප්‍රදර්ශනය පැවැත්වෙන දින හෝ ඊට දින කීපයකට පෙර සිදු කිරීම සාමාන්‍ය සිරිතයි. එහෙත් ඊට සතියක කාලයක් තුළ කීප වතාවක් ගවයකු නාවා තිබීම සිය කාර්යය පහසු කරවන්නක් බව මාර්කො ගේ අදහසයි. පිරිසුදු සම හා රෝම කූප සමගින් හැඩගැන්වීමේ කටයුතු කිරීම පහසු බව ඔහුගේ මතයයි.

එමෙන්ම එක් ගවයකු හැඩගැන්වීම සඳහා ස්විස් ප්‍රෑන්ක් හැටක් පමණ අය කෙරේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 12,000 කට ආසන්නය. එක් ගවයකු හැඩගැන්වීමට සාමාන්‍යයෙන් විනාඩි විස්සත් තිහත් අතර කාලයක් ගතවේ.

මාර්කො සහ ගව රූපලාවන්‍යාගාරය

සාමාන්‍යයෙන් අප රූපලාවණ්‍ය කටයුතු සිදු කිරීමේදී සංයමයකින් සිටීම රූපලාවණ්‍ය ශිල්පියාගේ කාර්යය පහසු කරවන අනිවාර්ය දෙයකි. ගවයින් සම්බන්ධයෙන්ද රූපලාවන්‍ය කාර්යයේ දී ද එය එසේමය. එහෙත් කිලෝග්‍රෑම් හයසියයක් පමණ බර ඇති සද්දන්තයකු කිලෝ ග්‍රෑම් 60ක් පමණ බරැති මාර්කොට මේච්චල් කිරීම පහසු කටයුත්තක් නොවේ. එබැවින් ගවයින් ස්ටයිලින් කිරීම සඳහාම සකස් කළ විශේෂිත අට්ටාලයක් මාර්කො ළඟ මෙන්ම සෑම ගව රූපලාවණ්‍ය ශිල්පියකු ළඟ තිබිය යුතු අනිවාර්ය දෙයකි .

රූපලාවණ්‍ය ශිල්පියෙකු ලඟට ගොස් පැමිණෙන බොහෝ දෙනෙකුගේ සතුට හා ආත්ම තෘප්තිය ඔවුන්ගේ ඇස් සහ මුහුණ දෙස බැලීමෙන් වටහාගත හැකිය. එහෙත් එය ගවයින්ගෙන් බලාපොරොත්තු විය නොහැකි හැඟීමකි. ඒ වෙනුවට එය දැකගත හැක්කේ ගවයාගේ හිමිකරුගේ මුහුණේ හා දෑස් වලිනි .

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදෙස් රැකියා ක්ෂේත්‍රයට පස් අවුරුදු වැඩපිළිවෙළක්…

Next Post

සියයට හතරේ කොවිඩ් සහන ණය ඉල්ලීමේ කාලය සැප්තැම්බර් 30 තෙක් දිගුවෙයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.