බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැකකටයුතු ලෙස ඉතාලියේ දී මිය ගිය හිටපු යුද හමුදා කපිතාන්වරයාගේ සිරුර මාස 10ක් ඉතාලි මල් ශාලාවක…

The cost of keeping the body in a funeral home in Italy has totaled to nearly sixty lakhs

by editor
ජනවාරි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

ඉතාලියේදී සැකකටයුතු ලෙස හදිසියේ මියගිය තම ස්වාමියාගේ සිරුර මාස දහයකට ආසන්න කාලයක් එරටේ මල්ශාලාවක තැන්පත් කර තිබිමෙන් එම සිරුර භාරගෙන අවසන් කටයුතු කිරීමට, තම පුතුට සහ තමාට  ඉතාලියට යෑමට තානාපති කාර්යාලයෙන් මෙතෙක් වීසා ලබා දී නැති බවත්,  මේ වනවිට තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවත් මහනුවර, මාවිල්මඩ පටුමග අංක 51/04 ලිපිනයේ පදිංචි එක්දරු මවක වන 48 වියති බී.නිරෝෂා ශාමලී  හැඬු කඳුළින් පැවසුවාය.

මෙලෙස සැකකටයුතු ලෙස ඉතාලියේදී මියගොස් ඇත්තේ, 51 වියති එක්දරු පියෙකු වන වීරක්කොඩි රාළලාගේ සම්පත් චන්දන වීරක්කොඩි නැමැති හිටපු යුද හමුදා කපිතාන්වරයෙකි

නිරෝෂා ශාමලී සිය පුතා සමග…

මියගිය තම ස්වාමියාගේ මළසිරුර එරටේ මල්ශාලාවක තැන්පත් කර තිබෙන අතර ඒ සඳහා තැන්පත් කුලි වශයෙන් මෙරටේ මුදලින් දිනකට රුපියල් 18,000 ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ අනුව මෙතෙක් රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් ගෙවීමට සිදුව ඇති බවද නිරෝෂා ශාමලී  සඳහන් කළාය.

තම ස්වාමියා 2007 ජූලී 27 වෙනිදා ඉතාලියේ ආයතනයක සාමාන්‍ය වැටුපකට සේවය කිරීමට ගොස් සිටියදී      2023 අප්‍රේල් 21 වෙනිදා හදිසියේ මියගොස් ඇති බවට, සේවය කළ ආයතනයෙන්  තමාට දැනුම් දුන් බවත්, තම ස්වාමියාට කිසිදු රෝගයක් නොතිබු බවත්, එම මරණය සැකකටයුතු බැවින් එරටට ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අවසන් කටයුතු කිරීමට මෙරටේ අදාළ බලධාරීන් අවධානය යොමු කර තමන්ට, එකොළොස් වියති එකම පිරිමි දරුවාට තානාපති කාර්යාලයෙන් වීසා ලබාදීමට මැදිහත්වන ලෙස නිරෝෂා ශාමලී   ඉල්ලීමක් කළාය.

ඇය මෙසේද සඳහන් කළාය..

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඉතාලියේදී මගේ මහත්තයා නැතිවෙලා දැන් මාස දහයටත් ලංවෙනවා මටයි පුතාටයි එයාගේ අවසන් කටයුතු කරන්න යන්න වීසා ලබා දෙන්නෙ නෑ, වීසා හදාගන්න ගියාම මම පුදුම පීඩනයකට ලක්වෙලා ඉන්නේ, මගේ පුතත් නිතර කම්පනයෙන් ඉන්නේ තාත්තා බලන්න යන්න ඕනේ කියලා. නමුත් අපි දෙන්නට තවමත් තානාපති  කාර්යාලයෙන් වීසා නොදීම නිසා මහත්තයාගේ අවසන් කටයුතු කරන්න යන්න බැරිවෙලා ඉන්නවා.

තානාපති කාර්යාලය නිලධාරීන් හිතාගෙන ඉන්නේ අපි දෙන්නා ඉතාලියේ නවතින්නම යනවා කියලා. මේ මරණය සැක නිසා ගිහිල්ලා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කරලා  ඒ රටේම අවසන් කටයුතු කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ,

ඉතාලියේ මල්ශාලාවේ මිනිය තැන්පත් කරන් ඉන්නවට දවසකට මම රුපියල් 18,000ක් ගෙවන්න ඕනේ. එහෙම එකතු වෙලා දැන් ලක්ෂ හැටකටත් වැඩි මුදලක් මට ගෙවන්න වෙලා, ඉතින් තවත් ඒ රටේ මල්ශාලාවේ මිනිය තැන්පත් කරගෙන ඉන්නාවාට දවසකට  රුපි‍යල් 18.000 ගානේ ගෙවන්න වෙනවා, එච්චර අපිට සල්ලි නැහැ.

ඉතින් මට මහත්තයාගේ අවසන් කටයුතු කරන්න මටයි, පුතාටයි, ඉතාලියට යන්න අවසරය ලබාදෙන්න අවස්ථාව සලසා දෙන්න කියලා අතිගරු ජනාධිපතිතුමාගෙනුයි, විදේශ කටයුතු ඇමතිතුමාගෙනුයි, අදාළ බලධාරින්ගෙනුයි ඉල්ලීමක් කරනවා.”   නිරෝෂා ශාමලී  හඬා වැටමින් ඉල්ලීමක් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිතාගන්න බැරි ගේම් කාරයෙක්… BMICH වාහන හොරා ගැන තිගස්වන අපරාධ භූමිකාව හෙළි වෙයි…

Next Post

උඩු ගුවන සැරසූ  යාපනයේ සරුංගල් සැනකෙළිය…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.