ජාතික රෝහලේ සායනවලින් බෙහෙත් ගන්නා රෝගීන්ට තමන්ගේ සායනික තොරතුරු දැනගැනීම සඳහා රෝහල් අධ්යක්ෂවරයාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ හෙදියන් පිරිසකගේ පුද්ගලික දුරකථන අංක බව වාර්තා වේ.
තමන්ගේ අනුදැනුමකින් තොරව මෙසේ සිය පුද්ගලික දුරකථන අංක මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීම නිසා තමන් බරපතල අපහසුතාවයකට පත් වී සිටින පවසන එම හෙදියන් දැන් සිය රාජකාරි ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිත ද අවුලකට වැටී ඇති ආකාරය පෙන්වා දෙයි.
මෙම හෙදියන්ගෙන් ගෙන් අයෙක් මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට සූදානම්වන බව ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.