සාමාජිකත්වය අත්හිටුවා චන්ද්‍රිකා ශ්‍රී.ල.නි.ප.යෙන් ඉවත් කරයි!

හිටපු ජනාධිපතිනිය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරාතුංග ගේ පක්ෂ සාමාජිකත්වයය  අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (21) තීරණය කර තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ සියලු දෙනාගේම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට මෙහි දී තීරණය වූයේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න වෙනුවට නව භාණ්ඩාගාරික ලෙස සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ධූරයෙන් මහින්ද අමරවීර ඉවත් කර එම තනතුරට තිලංග සුමතිපාල පත් කර තිබේ.


Exit mobile version