සූරියවැව නුවන් ජයසේකර –
කුඩා සාමණේර හිමිවරු දෙදෙනෙකුට ලිංගික අතරවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව තිස්සමහාරාම කිරින්ද හල්මිල්ලෑව ප්රදේශයේ විහාරස්ථානයක විහාරාධිපතිත්වය දරන චීවර ධාරියෙක් කිරින්ද පොලිසිය විසින් ඊයේ (24) සවස අත්අඩංගුවට ගත් බව කිරින්ද පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරින්ද හල්මිල්ලෑව ප්රදේශයේ පිහිටි විහාරස්ථානයක 57 හැවිරිදි වියපත් චීවරධාරියෙකි.
සැකකාර චීවරධාරි සල්ලාලයා විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි හා 11 හැවිරිදි සාමණේර හිමිවරු දෙදෙනෙකුට අවස්ථා ගණනාවක දී ලිංගික හිරිහැර සිදුකර ඇති අතර පසුව මෙම සිදුවිම සම්බන්ධයෙන් සාමණේර හිමිවරු දෙදෙනා විසින් කිරින්ද පොලිසියට දැනුම් දී ඇත.
එහිදී ලබා දි ඇති කට උත්තරයකට අනුව කිරින්ද පොලිසිය විසින් අදාල විහාරාධිපති හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් විහාරාධිපති හිමියන් තිස්සමහාරාම මහේසත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.







