අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගයේ ඇගයීම් කටයුතුවලට ඍජුව සම්බන්ධ සියලුම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා දින දෙකක රාජකාරි නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙම රාජකාරි නිවාඩුව අනුමත කිරීම සඳහා අදාළ නිලධාරීන් ඇගයීම් කටයුතුවලට සහභාගි වූ බවට ඔවුන්ගේ පැමිණීමේ සහතික අදාළ අනුමත බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටියි.