අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාගල… ජනාධිපති එක්ක ඔයත් ෆේල්… ඔයාලගෙ ක්‍රීඩා ඇමති එයාගේ සට්ටැඹි සෙට් එකත් එක්කම ෆේල්!

අපට ක්‍රිකට් එපා කළ ඔයාලා සෙට් එකටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි... ආරක්ෂාවයි...

by editor
ජනවාරි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

neutral-ampayer

ඊයේ ඛෙත්තාරමයේ එක් දින ජාත්‍යන්තර තරගයක් තිබුණේය.

අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම් වල හත් වැනි තැනේ සිටින ලංකාවත් එකොළොස් වැනි තැනේ සිටින සිම්බාබ්වේත් අතර ප්‍රේක්ෂකයන් 30,000 ක් පිරවිය හැකි ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ එම තරගය පැවැත්වූයේ හිස් ප්‍රේක්ෂකාගාරයකය.

තැන තැන හිඳ තරගය නැරඹු පිරිසට වඩා ග්‍රවුන්ඩ් බෝයිස්ලා පිටියේ සිටිනු දක්නට ලැබුණි. වත්මන් ක්‍රිකට් වලට ක්‍රිකට් ලෝලීන් දැක්වූ ප්‍රතිචාරය එලෙසින් වූ බව විස්තර විචාරයේ යෙදුණු අපේ විචාරකයෝ පවා නොකීවෝය.

 Cricket
30,000 ක් පිරවිය හැකි ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ එම තරගය පැවැත්වූයේ හිස් ප්‍රේක්ෂකාගාරයකය.

නැමීබියාවටත් උගන්ඩාවටත් පැරදී මෙරටට පැමිණි දුර්වල සිම්බාබ්වේ පිල පරදවා ඊයේ අපේ කණ්ඩායම ජය ගත්තා නොව යාම්තමින් ජාම බේරා ගත්තේය.

කලකින් දුටු දුර්වලම හා කම්මැලිම පන්දු රකින්නන් ගෙන් සැදුම් ලත් සිම්බාබ්වේ පිලට එරෙහිවත් අපේ ක්‍රීඩකයන් ගැහුවේ අන්තිම බාල ගණයේ ක්‍රිකට් එකකි.

අලුතින් එක්වු ජනිත් ලියනගේ නැත්තන් පරදින්නේ අජූත ලෙසය. පජාත අයුරින් සකස් කළ තණ තීරු මත මේ දිනවල පවත්වන ප්‍රිමියර් එක් දින තරගාවලියේ ලකුණු 200 කලාතුරකින් ඉක්ම යන කණ්ඩායම් අතරේ වැඩිම ලකුණු රැස් කර සිටි පිතිකරු නිසා ජනිත් ඛෙත්තාරාමයේ දිගටම ලකුණු අතර සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපේ ක්‍රීඩකයන් පසුගිය මාසයේ ක්‍රීඩා සමාජ තරග වලට ක්‍රීඩා කළේ කුණු විකට් මතය. ඒවා එහෙම වූයේ ලක්ෂ ගණන් පඩි ගෙවා එම තණතීරු සැකැස්ම නිරීක්ෂණය කරන්නට යොදා ගත් කැම්පස් එකෙන් ගත් කියුරේටර් එක්ස්පර්ට්ලා පස් දෙනෙකුත් සිටියදීය.කුසල් මෙන්ඩිස් බින්දුවක් ගසා අවුට් වී පැමිණ බ්ලූම්ෆීල්ඩ් එකේ දොර කැඩුවේද මේ කුණු විකට් නිසාය.

අලුත් තේරීම් කමිටුවෙන් පත් කළ නායකයා මෙන්ම හිටපු නායකයාත් කණ්ඩායමට කිසිදු සේවයක් නොකළෝය.

ලෝක කුසලාන තරගාවලිය අජූත ලෙස අවසන් කිරීම නිසා වෙනස් කම් රැසක් අපේ ක්‍රිකට් වල සිදුවිය.

ක්‍රිකට් වළපල්ලට යැවූ පාලකයෝ එහෙම්ම සිටියදී ඔවුන් ඉවත්කරන්නට කටයුතු කළ ක්‍රීඩා අමාත්‍යවරයා ජනපතිවරයා විසින් කණින් අල්ලා කැබිනෙට්ටුවෙන් ඉවතට විසි කර හරින් ප්‍රනාන්දුට එම කටයුත්ත භාර දුන්නේය.

ඔහු විසින් ක්‍රිකට් ගොඩ දැමීම තම ගජ මිතුරකු වන සනත් ජයසූරියට පැවරුවේ ක්‍රිකට් බලධාරීන් ලවා ඔහුට ලක්ෂ 50 ක මාසික වැටුපක්ද ලබා දෙමිනි.

සනත්ද කළේ තම ගජ මිතුරන් ක්‍රිකට් වලට එකතු කිරීමය. තේරීම් කමිටු වලට පවා නම්කෙරුණු බොහෝ දෙනා සනත්ගේ රෙකමදාරුවෙන් ආවෝ වෙති.

සනත් මැජික් එකක් පෙන්වා දවසින් ක්‍රිකට් ගොඩ ගන්නා අයුරු අපේ මාධ්‍යකරුවෝද මවා පෙන්වන්නට පටන් ගත්තෝය.

උගන්ඩාවටත් පැරදී මෙරටට පැමිණි සිම්බාබ්වේ පිලට අපේ ක්‍රීඩාංගණ වලදී හරි නම් අල්ලාගෙන දුවන්න ගහන්න ඕනෑ ය.

වමතින් වේග පන්දු යවන එන්ගාර්වා ඉදිරියේ අපේ පිතිකරුවන් ඇඹරෙන විදිය දකිද්දී සිහියට නැගෙන්නේ ඕස්ට්‍රේලියාවේ මිෂෙල් ස්ටාක් ඉදිරියේ කොහොමට ඇඹරේවිද යන්නයි. මෙහෙම වෙන්නේ අලුතින්ම ගත් බැටින් කෝච් කෙනෙකුත් සිටියදීය.

එනිසා මෙසේ මැරීගෙන දිනා කිසිවෙක් ජයග්‍රහණය උජාරුවෙන් සමරන්නේ නම් එය කළ යුත්තේ මුලින් කලිසම ගලවාගෙනය. ජයක් සැමරිය යුත්තේ එය ලබන ආකාරයටය.

අපේ රටේ දෙවෙනි ආගමක් ලෙස සැලකූ ක්‍රිකට් ෂම්මි ඇතුළු වත්මන් පාලක නඩය විසින් කා දමද්දී එළවා දමන ලද්දේ ප්‍රමෝද්‍ය ප්‍රමුඛ තේරීම් කමිටුව පමණි.

ක්‍රිකට් හදන්න අර්ජුනව පවා ගෙන්වා ගන්නා බව ඇමතිකම භාර ගත් දිනයේම ප්‍රකාශ කළ හරින් කළේ රොෂාන් රණසිංහ පත් කළ අතුරු කමිටුව විසිරුවා හරින්නට අලුත් ගැසට් පත්‍රයක් ගසා තම ගජ මිතුරු ෂම්මි සිල්වා ඇතුළු නඩය රැක ගැනීමය.

හරින් හරි නම් කළ යුතුව තිබුණේ එය නොවුණත් සාගල රත්නායක හා ජනපතිවරයාගේද උවමනාව මත ඔහුට එසේ කරන්නට සිදු වන බව හංගන්නට බැරිය. ඉදිරියේ මැතිවරණ වලට මුදලුත් අවශ්‍යය.

කෙසේ වෙතත් අතිශයින් දුර්වල සිම්බාබ්වේට එරෙහිව අපේ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ විලාශය දකින විට කිව යුත්තේ ෆේල් වූ ෂම්මිලා රකින්නට ඉදිරිපත් වූ සාගලත් ජනපතිවරයාත් ෆේල්‍ ය.

ජනපතිවරයාගේ උවමනාව ඉටු කරන්නට ක්‍රීඩා ඇමති පුටුවේ වාඩි වී ගජ මිතුරු සනත්ගෙන් ගොඩ යන්න බැලූ හරින් ප්‍රනාන්දුත් ෆේල් ය.

ක්‍රිකට් ආයතනයේ වියදමින් කෝටි ගණන් ගෙවා තමන් පුම්බා ගන්න ඉරිදා පුවත් පත් වල ඇඩ් දා ගත්තාට මිනිස්සු කරන්නේ හිනා වෙන එකය.

ඔවුන් පුම්බන්න හදන ජඩ මාධ්‍ය සෙට් එකත් ෆේල් ය.

කුසල් මෙන්ඩිස් නිත්‍ය නායකයා කළ තේරීම් කමිටුවත් ෆේල් ය. කුසලුත් ලෝක කුසලානයේ මෙන්ම තාමත් පිත්තෙන් ෆේල් ය.

පුහුණුකරු සිල්වර්වුඩ් ඇතුළු පුහුණු මණ්ඩලය කලින් මෙන්ම තවමත් ෆේල් ය. ඒත් 2023 මෙන්ම උන් 2024 ත් සුපුරුදු ලෙසින් වැඩය.

කලින් කන්සල්ටන්ට් ලෙස ලක්ෂ 65 ක පඩියකට කටයුතු කර ෆේල් වූ මහේල ජයවර්ධනට උඩින් චීෆ් කන්සල්ටන්ට් ලෙස පත්ව පැමිණ උදේ සිට හවස දක්වා හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ හැම මුල්ලකම හැමෝටම බැණ බැණ යන සනත් ජයසූරියත් ෆේල් ය.

මොවුන් එකතුව ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට දැන් ක්‍රිකට් අරහන් කොට හමාරය.

ඩී හා සී ලෝවර වල නොමිළේ බලන්නටත් දී වෙනදා ප්‍රවේශ පත්‍ර මිළ ගණන් භාගෙට අඩු කර තිබියදීත් ඛෙත්තාරාමයේ පුටු හිස් වූයේත් රූපවාහිනියේ තරගය නොබලා මිනිස්සු චැනල් මාරු කර ටෙලි නාට්‍ය බැලුවේත් වෙනදා බුකිය පුරා කොටන ක්‍රිකට් ඔස්තාර්ලාගෙන් බුකිය හිස් වූයේත් ඒ නිසාය.

කුසල් මෙන්ඩිස්ලා , දසුන්ලා තවදුරටත් ටෙලිෆෝන් ඉලක්කම් වලට දැවී ගියත් මිනිස්සුන්ට නොදැනෙන්නේත් ඒ නිසාය.

හැමෝම එක්වී හැමෝටම ක්‍රිකට් එපා කර හමාරය.

නියුට්‍රල් අම්පයර්

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති බෙදන්න ගනී… වෛද්‍යවරුන්ගේ දීමනා දෙගුණ වෙයි… සරසවි ඇදුරන්ගේ අධ්‍යයන දීමනා  25%කින් වැඩි කරයි…  රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක ජීවන වියදම් දීමනාවක්!

Next Post

තව පොඩ්ඩෙන් “රෙදි ඉල්ලේ”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.