වර්ජනයේ නිරත හෙද පරීපූරක සහ අතුරු වෛද්‍ය ඇතුළු සේවාවන් 18ක වර්ජකයන්ට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
අද දින මෙම සාකච්ඡාවට අවස්ථාව ලබා දී ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගෙන මෙම වෘත්තීය සංගම් ඊයේ උදෑසන සිට දීප ව්‍යාප්තව වැඩ වර්ජනය දියත් කළේය.
ඇමතිරයා සාකච්ඡාවක් ලබා දී ඇතත් අද දිනයේත් වර්ජනය ක්‍රියාත්මක බව වර්ජකයෝ ප්‍රකාශ කරති.
මෙම වර්ජනය හේතුවෙන් රෝහල් සේවා බිඳ වැටුණු අතර රෝගීහු වෙහෙසකර දුෂ්කරතා රැසකට මුහුණ දුන්හ.







