දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම ඔහුගේ පාර්ශවය විසින්ම අභියාචනාධිකරණයෙන් ඉල්ලා අස්කර ගෙන තිබේ.
දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු උක්ත පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටියහ.
ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය.
අදාළ දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන හෙයින් එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම විසින් මීට පෙර අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.







