අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්මාර්ට් කැබ් රථ ආනයනයකදී රජයට රුපියල් බිලියන 03ක පාඩුවක්

by Lanka Sara Editor
ජූලි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකා රේගුව විසින් සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණයන් අය කිරීමෙන් පසුගිය කාලය තුළ රුපියල් බිලියන 03ක පාඩුවක් රජයට සිදුවී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) නිරීක්ෂණය කොට තිබේ.

ඩබල් කැබ් මාදිලි‍යේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ස්මාර්ට් කැබ් මාදිලියේ එක වාහනයකින් රුපියල් මිලියනය බැගින් වාහන 3000 ක් සඳහා මෙම පාඩුව සිදුවී ඇත.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ නව වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරයට අදාළ පළමුවැනි වාර්තාවේ මේ බව සඳහන්ව ඇත.

ශ්‍රි ලංකා රේගුව විසින් වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවන බවත් එමගින් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවත් අදාල වාර්තාවේ නිරීක්ෂණ තුළ අන්තර්ගතව තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වාර්තාවේ නිරීක්ෂණවලට අනුව රේගුව විසින් විශේෂ කාර්යයන් සඳහා අඩු බදු ප්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබේ.

මෙයට අමතරව 2010-2019 කාල පරිච්ඡේදය තුළ වෑන් රථ 44ක් අඩු බදු ප්‍රමාණයක් ගවිය යුතු විශේෂිත කාර්යය වෑන් රථ ලෙස ආනයනය කර, මගී හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණෙන් එම වාහන පසුව ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීම නිසා අවම වශයෙන් රුපියල් මිලියන 1300කට ආසන්න බදු ප්‍රමාණයක් රජයට අහිමි වී තිබේ.

මහජන ඇමතුම් උපකරණ සවිකර විශේෂ කාර්යය වාහන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 1.5ක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ වාහනය රේගුව විසින් නිසි පරිදි මගී ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට අහිමිව ඇති බදු මුදල රුපියල් මිලියන 56ක් බව වාර්තාවේ තවදුරටත් නිරීක්ෂණය කොට තිබේ.

මෙලෙස සිදුවන අක්‍රමිකතා වලක්වා ගැනීම සඳහා කාරක සභාව විසින් විශේෂ කාර්යය වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ භාන්ඩ සංයෝජිත වර්ගීකරණ අංක 8705 යටතේ (Harmonized System Code – HS Code) නිෂ්කාශනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීමේදී විශේෂිත අංකයක් යටතේ (PZA) ලියාපදිංචි කළ යුතු බව නිරීක්ෂණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාත්‍යාන්තරය පිළිගත් එන්නතක් නොදීම නිසා විදේශ රැකියා දෙලක්ෂ පනස් දහසක් අහිමිවෙලා…

Next Post

රිෂාඩ්ගේ නිවසේ දැරිය දූෂණය වූයේ කා අතින්දැයි සොයන්න පොලිස් කණ්ඩායමක් ඩයගම යයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.