අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහරාන්ගේ නුවරඑළියේ කඳවුර ගැන සීඅයිඩිය කලින් සිට දැන ඉඳලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකයෙක් කියයි

by Lanka Sara Editor
අගෝස්තු 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සහරාන් තම කණ්ඩායමට අවි පුහුණුවක් ලබා දෙමින් නුවරඑළියේ පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිය බව පාස්කු ප්‍රහාරයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබුණු බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙළිවිය.

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සහ වනාතවිල්ලුවේ ලැක්ටස් වත්තෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ඒ බව හෙළිවූ බවකොමිසම හමුවේ හෙළි කළේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අධික්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී සී.ඩබ්ලිව්. වික්‍රමසේකර මහතා පාස්කු කොමිසම හමුවේ ඉකුත් 14 වෙනිදා රාත්‍රීයේ ලබා දුන් සාක්ෂියේදී සඳහන් කළේය.

ඔහුට අනුව නුවරඑළියේ පුහුණු කඳවුර සම්බන්ධයෙන් තොරතුරු හෙළි වන්නේ 2019 වසරේ පෙබරවාරියේදීය.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ටී 56 අවියක් ගලවා එය සවි කරන ආකාරය සම්බන්ධයෙන් එහිදී පුහුණුව ලබාදී ඇති අනාවරණය වූ බවද කොමිසම හමුවේ පොලිස් අධිකාරීවරයා සදහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශන ඔස්සේ බුද්ධි අංශ පවා ඒ වන විට හෙළිකර නොගෙන සිටි සහරාන්ගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයින් කිහිප දෙනෙකුගේ නම් හෙළිවූ බවත් එම නම් හෙළිකර ගැනීමට සහරාන්ගේ බිරිදගේ සහෝදරයා වන අන්සාර්ගෙන් සහය ලැබී තිබුණු බවත් වික්‍රමසේකර මහතා අනාවරණය කළේය.

කොමිසම විසින් වික්‍රමසේකර මහතා කොමිසම හමුවට කැඳවා විශේෂ අවධානයක් යොමු කරමින් සාක්ෂි විමසුවේ වනාතවිල්ලුව සහ ලැක්ටොස් වත්තේ විමර්ශනවලට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන භාර කෙරුණු උප පොලිස් පරීක්ෂක ඩයස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහරාන්ගේ මස්සිනා වන අන්සාර් සහ සහරාන්ගේ පුහුණු කදවුරුවල අවි පුහුණුව ලබාදුන් බව අනාවරණය වන ආමි මොහිදින් නැමැත්තන් ඔත්තුකරුවන් ලෙස තබා ගැනීමක් සම්බන්ධයෙනි.

තම කණ්ඩායමේ ඉලක්කය වූයේ සහරාන් බවත් එම ඉලක්කය වෙත යාමේදී විවිධ උපක්‍රම භාවිත කිරීමට සිදුවන බවත් කොමිසම හමුවේ පොලීසියේ මෙහෙයුම් සම්බන්ධයෙන් මෙන්ම වරෙන්තු ක්‍රීයාත්මක කිරීමේදී අනුගමනය කරන උපක්‍රම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිළි කිරීමක් වික්‍රමසේකර මහතා කළේය.

අනතුරුව ඔහු කොමිසම හමුවේ අවධාරණය කළේ පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන්ගේ මස්සිනා සහ ආමි මොහිදින් යන දෙදෙනාව අත්අඩංගුවට ගත් බවත් තවමත් ඒ අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටින බවත්ය.

මෙතෙක් කළ විමර්ශනවලින් ඔවුන් සිද්ධියට සම්බන්ධ බව සාක්ෂිමය කරුණු මෙතෙක් අනාවරණය වී නැති බවද වික්‍රමසේකර මහතා පැවැසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරීන් වඳින වීඩියෝවක් ආරක්ෂක ලේකම් අතට

Next Post

ගොඩබිමින් මුහුදු සැතපුම් 200ක් ඈත දියඹේ දී දරුවෙකුට දස වද දීලා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.