ලලිත් චාමින්ද –
සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල පසුගිය වසර හතරකුත් මාස දෙකක කාලය තුලදි 2019 සිට 2023 පෙබරවාරි දක්වා මුල්‍ය වංචා 92කට අදාලව රුපියල් දාහත්කෝටි, විසි එක්ලක්ෂ, අසුනම දහස්, දෙසිය විසි හතක (172,189,227) වංචාවන් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
එමෙන්ම (2014-2018) කාල සිමාව තුළ වංචා 15කට අදාලව රුපියල් හය කෝටි ,තිස්අට ලක්ෂ ,දාහත් දහස්, දෙසිය හතක (63,817,207) ක මුල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තුව විසින් 2023 අප්‍රේල් මස 21 වැනි දින විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව මෙකි මුල්‍ය අක්‍රමිකතාවයන් අනාවරණය වි ඇත.
සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014-2018 කාලය තුළ සිදුවු රුපියල් එකොළොස් කෝටි, පනස් හත් ලක්ෂ, විසි තුන් දහස්, හයසිය දහනමයක (115,723,619) මුල්‍ය අක්‍රමිකතා පිළිබද 2018 හා 2019 යන වර්ෂවල විගණකාධිපති වාර්තා මගින් පෙන්වා දි තිබුණි.
එමෙන්ම ගණුදෙණුකරුවන්ගේ කටයුතු අතින් සිදුකිරිමේ දී සිතාමතා සිදුකරණ වැරදි හා මුල්‍ය වංචා අවම කරගැනිමට අපේක්ෂා කළද වාර්තා වි ඇති මුල්‍ය හා අක්‍රමිකතා ප්‍රමාණාත්මක අගයක් ගෙන තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ පිළිබද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරියා විගණනයට සඳහන්කොට ඇත්තේ විමර්ශන අංශ වෙත වාර්තාවි ඇති මුල්‍ය වංචා සම්බන්ධයෙන් විනය කටයුතු සිදුකර ඇති අතර තමා කළ වරද පිළිගන්නා නිලධාරින් සඳහා වංචා කොට ඇති මුළු මුදල ගෙවිමෙන් පසු විනය නියෝග නිකුත්කිරිමට කටයුතුකර ඇති බවය.
එසේ නැතහොත් විධිමත් විනය පරික්ෂණයකින් පසුව විනය නියෝග නිකුත් කිරිමේ දි වංචා කරණු ලැබු මුළු මුදල අයකිරිමට කටයුතු කරණ බවය.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
විනය නියෝග නිකුත් කිරිමේ දි යම් නිලධාරියකු සේවයෙන් පහකිරිමට නියම කරණු ලැබුවහොත් වංචා කරණු ලැබු මුළු මුදල හා දඩ පොළිය අයකරගැනිම සදහා නීති මගින් කටයුතු කරනු ලබන බවද ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන්කොට ඇත.