දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන කාර්ය මණ්ඩලය අතර සීඝ්‍රයෙන් කොවිඩ්-19 ආසාදනය වෙමින් පවතින බැවින් සමස්ත දුම්රිය පද්ධතියම බිඳවැටීමේ අවදානමක් මතුවී තිබේ.
සමස්ථ දුම්රිය සේවාවම නැවැත්වීම මේ මොහොතේ සුදුසු බවට දුම්රිය වෘත්තිය සමිති යෝජනා කරන අතර අද (20) ඒ පිළිබඳ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඊයේ වනවිට දුම්රිය සේවකයන් 597 දෙනකුට කොවිඩ්-19 වැළදී තිබුණි.
එබැවින් මේ පිළිබඳ තීරනයක් ගැනීම සඳහා අද බොහෝ විට සාමාන්‍යාධිකාරීවරයා හමුවී දුම්රිය වෘත්තිය සමිති සාකච්ඡා කරනු ඇති අතර සියල්ලට පෙර සේවකයන් හා මගීන් ආරක්ෂා කළ යුතු බව දුම්රිය වෘත්තිය සමිති අවධාරණය කර සිටිති.
මම එංගලන්තයේ සිටින අයෙකි. ඔබගේ පුවත් නිතරම බලනවා.