මෙරට තුළ උද්ගලව ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අනිද්දා (17) විවාහ උත්සව පැවැත්වීම තහනම් කිරීමට පෙර තමාගේ මංගල උත්සවය හෙටට යෙදී ඇති බවට පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුත්‍රයා වන චතුර කබ්රාල් මහතා පවසයි.
ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත සටහනක් මුදාහරිමින් සඳහන් කරන්නේ තමා 2016 වසරේදී විවාහ වී ඇති අතර මේ වනවිට අවුරුදු දෙකක දරුවකු ද සිටින බවයි.
පවතින දැඩි කොවිඩ් තත්ත්වය හමුවේ විවාහ මංගල උත්සව ඇතුළු සංචරණ සීමාකිරීම් දැඩි නොකරන්නේ චතුර කබ්රාල් මහතාගේ මංගලෝත්සවය පැවැත්වෙන තෙක් සීමා ලිහිල්ව පැවතිය යුතු බැවින් යැයි සමාජ ජාල තුළ පසුගිය දිනවල දැඩිකතාබහක් මතුව තිබුණි.
චතුර කබ්රාල් මහතා චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගමේ සහකාර කළමනාකරුවකු සහ කොළඹ රේණුකා හෝටලයේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කරයි.