බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සදාචාරය කුඩු කර ටියුෂන් කඩ කරන මධ්‍යම පළාත් ගුරුවරුන් හොයන්න විශේෂ මෙහෙයුම් ඒකකයක්!

රටටම මෙවැනි චක්‍රලේඛයක් ගේන්න... දෙමව්පියෝ අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලති....

by editor
ජූනි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ධ්‍යම පළාතේ බොහොමයක් පාසල්වල  ගුරුවරු පාසල් වේලාවෙන් පසු හා සති අන්ත නිවාඩු දිනවල   මුදල් අයකර අමතර පංති පවත්වන බවටත් ඇතැම් පාසල්වල ක්‍රීඩා පුහුණුකරුවන් ද පෞද්ගලික ක්‍රීඩා පුහුණු පංති පවත්වාගෙන යමින් ඒවාට පැමිණෙන ලෙස දරුවන්ට බලපෑම් කරන බවටත් ලැබී ඇති පැමිණිලි අනුව චක්‍ර ලේඛණය උල්ලංඝනය කරමින් කටයුතු කරන ගුරුවරුන්ට එරෙහිව දැඩි විනයානුකූල පියවර ගන්නා බව  මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් පවසයි.

පාසලේ තමන් උගන්වන පංතියේම ඉගෙනුම ලබන සිසුන්ට මේ අයුරින් බලපෑම් කරන ගුරුවරු සම්බන්ධයෙන් මේ වනවිට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණිලි රැසක් ලැබී තිබෙන බව ද හෙතෙම කීය.

මෙම පංතිවලට සහභාගි නොවන දරුවන්ට ගුරුවරුන් විසින් පාසල් පංති කාමරයේ දී නොයෙක් අන්දමින් කායික හා මානසික වශයෙන් දැඩි පීඩා එල්ල කරන බවට ද   පැමිණිලි ලැබී තිබුණු බව හෙතෙම පැවසුවේය.

එම පැමිණිලි සැලකිල්ලට  ගනිමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව ද කී පළාත් අධ්‍යාපන ලේකම්වරයා ගුරුවරුන්ට තමන් ගේ පංතියේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පංති පැවැත්වීම අත්හිටුවමින් පසුගියදා චක්‍රලේඛණයක් නිකුත් කර ඇති බවද කීවේය.

අදාළ චක්‍ර ලේඛණය නිකුත් කිරීමත් සමඟ තමන් ගේ පංතියේම දරුවන්ට මුදල් අයකර උපකාරක පංති පවත්වන ගුරුවරු සම්බන්ධයෙන් පැමිණිලි 10 ක් පමණ ලැබුණු බව ද හෙතෙම සඳහන් කළේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මේ සම්බන්ධයෙන් පැමිණිලි ලද වහා අදාළ ස්ථාන නිරීක්ෂණයට යාම සඳහා විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

නිර්දේශිත විෂය කොටස්  නිසි පරිදි ආවරණය නොකර පහ වසර ශිෂ්‍යත්ව විභාග ඉලක්ක ප්‍රශ්න යැයි පවසමින් විවිධ බාහිර පොත්පත් හා ප්‍රශ්න පත්‍ර කට්ටල පාසල් වේලාවේ දී දරුවන්ට ලබා දී ඒවා සාකච්ඡා කිරීමට ඇතැම් ගුරුවරුන් පෙළඹී තිබෙන බවත් මේවා මිලට නොගන්නා දරුවන්ට නොයෙක් ආකාරයෙන් බලපෑම් කරන්නට  ඔවුන් පෙළඹී තිබෙන බවත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙයට අමතරව  තොරතුරු ලැබී ඇති පරිදි පෞද්ගලික ක්‍රීඩා පුහුණු පංති වලට සහභාගි නොවන දරුවන්ට පාසල් කණ්ඩායම් නියෝජනය කිරීමට අවස්ථාව නොදෙන තත්ත්වයට ඇතැම් පුහුණු කරුවන් පෙළඹී ඇතැයි ද ලේකම්වරා පැවසුවේය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන අදාළ චක්‍ර ලේඛණය පළාත් සභා පාසල් වලට පමණක් බලපාන්නක් බවත් මේ වනවිට අදාළ කටයුත්ත බරපතල අන්දමින් සිදුවන්නේ ජාතික පාසල්වල බවත් පවසන දෙමව්පියෝ මේ සම්බන්ධව අධ්‍යාපන ඇමැතිවරයා ගේ අවධානය යොමුවිය යුතු යැයි ද ප්‍රකාශ කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අර්තාපල් කන්ටේනරයක සඟවා හොරොයින් කිලෝ 16ක් රටට ගෙනා ජාවාරම් කරුවන් තිදෙනෙක් කොටු!

Next Post

විස රසකාරක වර්ණක දාපු පරිප්පු, ඉස්සෝ, වතුරවල බැක්ටීරියා හඳුනාගන්න අපට පහසුකම් නෑ…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.