fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සදාකාලික ඒකාධිකාරයක් ඇමෙරිකාවට දීමට එරෙහිව ඇමති ධුර පූජා කිරීමටත් සූදානම්! – ගම්මන්පිල කියයි  

මාස 7ක් ago
in පුවත්
433 5
0
Share on FacebookShare on Twitter

යුගදනවි බලාගාරයේ ස්වාභාවික වායු බලාගාර සම්බන්ධයෙන් ඇමෙරිකානු සමාගමකට ලබා දුන් ව්‍යාපෘති මෙතෙක් ශ්‍රි ලංකා ඉතිහාසයේ පළමුවරට ටෙන්ඩර් කැඳවීමක් තිබියදී එය මඟහැර  සමාගමකට ලබා දුන් පළමු මහා පරිමාණ ව්‍යාපෘතිය බවත් සදාකාලික ගෑස් ඒකාධිකාරය දුන් මේ ගිවිසුම වෙනුවෙන් ඇමතිධුර පූජා කිරීමට පමණක් නොව ඊට වඩා දේ සිදු කිරීමටද තමන් සූදානම් බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

 මේ වනවිට කැබිනට් ඇමතිවරු තිදෙනෙක් කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට එරෙහිව එකට එක්වී ඇති බවත් බලශක්ති අමාත්‍යවරයාම බලශක්ති ව්‍යාපෘතියකට එරෙහිව නැගී සිටින තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් උදය ගම්මන්පිල අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

 රජයේ හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයන් ඇතුළු සමූහයක් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු සමාගමක් සමඟ එලඹුණු ගිවිසුමට විරෝධය පෑම සඳහා අද පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී සංවිධානය කළ මහජන මන්ත්‍රණ සභාව නමැති සම්න්ත්‍රණයක් සංවිධනාය කර තිබූ අතර එහිදී බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“සමහරු හිතනවා ඇති කැබිනට් අමාත්‍යවරුන් හැටියට අපි මේ වෙලාවේ අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද සාමූහික තීරණයකට එරෙහිව සාමූහික වගකීමට අනුගත නොවී කටයුතු කරනවා කියල. නමුත් මට වසර 30ක කලින් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජය කාලයේ මේ වගේ ස්ථාවරයක කටයුතු කළ ඇමතිවරුන් තිදෙනෙක් හිටියා. ඒ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක ජීඑම් ප්‍රේමචන්ද්‍ර ඇමතිවරුන්. ඔවුන් ඇමතිධුරවලින් ඉවත් කළාම ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් තමයි රටට හිතකර  තීන්දු වෙනුවෙන් එසේ කැබිනට් මණ්ඩලයේ සාමූහික තීන්දුවට එරෙහි වීමේ ශුද්ධ වූ අයිතියක් පවතිනවා කියන කරුණ. ඒ අනුව අපට ශුද්ධ වු අයිතියක් තිබෙනවා.

මෙය ඉතා ගැටලු සහගත ගනුදෙනුවක්. මේ විදිහට ටෙන්ඩර කැඳවීමකින් තොරව මේ වගේ  ව්‍යාපෘතියක් මීට පෙර පැවැති කිසිම ආණ්ඩුවකින් දීල නැහැ. ඒ ගැන තමයි අපට කියන කණගාටුව. මේ ව්‍යාපෘතිය නිසා මේ රටේ ද්‍රව ස්වභාවික වායු  එනම් එල්.එන්.ජී සැපයුමේ ඒකාධිකාරය සදාකාලිකවම නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දී තිබෙනවා. බොහෝ  අය සිතන්නේ මෙය ලබා දී තිබෙන්නේ  වසර 5ක් පමණයි කියල . නමුත් එහෙම නෙවෙයි මෙ ගිවිසුමේ 4.2 වගන්තිය අනුව මෙම ගෑස් සැපයුමේ ඒකාධිකාරය සදාකාලිකවම ලබා දී තිබෙනවා.

මේ විදිහට ඒකාධිකාරයක් ඇමෙරිකාවට දුන්නොත් විශාල ආයෝජනයක් කරල අපේ මන්නාරම් ද්‍රෝනියේ පවතින ගෑස් සහ තෙල් සම්පත් ලබා ගන්න ආයෝජකයන් ගේන්න බෑ. ඒක ලොකු ප්‍රශ්නයක්. මේ වනවිට තහවුරු වෙලා තිබෙනවා අපේ මන්නාරම් ද්‍රොණියේ ඇමෙරිකානු ඩොලර් බිලියන 300ක් වටිනා ගෑස් සහ තෙල් තිබෙනවා. මේවා අපට තනිවම කර ගන්න බෑ. මේ සඳහා ආයෝජකයන් එන්න නම් අඩුම තරමින් ඔවුන්ට මේ රටේ එම ගෑස් විකිනීමට හැකියාවක් තිබිය යුතුයි.

මේ අපේ බලශක්ති සුරක්ෂිතතාවට පමණක් නෙවෙයි මෙයින් රාජ්‍ය තාන්ත්‍රිකවත් අර්බුදයක් එන්න පුළුවන්. යුද්ධය වෙලාවේ අපට හිටියේ ඇමෙරිකාවද? ටෙන්ඩරයෙන් සුදුසකම් ලබල තිබෙන්නේ චීන පකිස්ථාන හවුල් ව්‍යාපාරයක්. මේ රටවල් දෙකම යුද්ධය වෙලාවේ කොන්දේසි විරහිතව අප සමඟ සිටි රටවල් දෙකක්. ඔවුන්ටත් අප එරෙහිවීම රාජ්‍ය තාන්ත්‍රිකව කරන වරදක්. මේ වැරදිවලට එරෙහිව අපි නැගී සිටිය යුතුයි. මේ සඳහා ඇමති ධුර පූජා කිරීමට පමණක් නොව ඊට වඩා කැප කිරීම් කරන්නට සූදානම්. “ ඔහු සඳහන් කළේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

නැවේ පොහොර ප්‍රතික්ෂේපිතයි… වෙනත් පොහොර එන හැටි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි!.

Next Post

අද්භූත කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ආ හැටි හෙළිවෙයි! විමල් බැසිල්ගේ රෙදි ගලවයි!

Related Posts

නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!

මැයි 26, 2022
Health

අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

මැයි 25, 2022
Sagara-Kariyawasam

රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!

මැයි 25, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!
  • අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!
  • රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!
  • රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!
  • හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

ජනප්‍රිය පුවත්

  • අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

    172 shares
    Share 69 Tweet 43
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

    175 shares
    Share 70 Tweet 44
  •  දීමනා කප්පාදුව සෞඛ්‍ය සේවයට අදාල නෑ – අගමැති කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    285 shares
    Share 114 Tweet 71
  • මාධ්‍ය ඉදිරියේ හෙළි වුණු හරීන්ගේ ජනාධිපති හීනය…

    218 shares
    Share 87 Tweet 55
  • කටුනායක ගුවන්තොටුපලත් ඉන්ධන අර්බුදයක… ගුවන් යානාවලට ඉන්ධන නෑ…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!

හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

 දීමනා කප්පාදුව සෞඛ්‍ය සේවයට අදාල නෑ – අගමැති කියයි!

කටුනායක ගුවන්තොටුපලත් ඉන්ධන අර්බුදයක… ගුවන් යානාවලට ඉන්ධන නෑ…

නව මුදල් ඇමතිගෙන් සති 06කින් නව අයවැයක්….

අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!

by editor
මැයි 26, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු...

Health

අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

by editor
මැයි 25, 2022
0

අගමැති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය සේවාව තුළ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist