අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සඳුදා සිට අඩුම තරමින් සති දෙකක්වත් රට වසන්න – වෛද්‍ය සංගමය ඉල්ලයි

by Lanka Sara Editor
ජූනි 12, 2021
in පුවත්
travel
Share on FacebookShare on Twitter

පවතින කොවිඩ් වසංගත තත්ත්වය පැතිරීම තවදුරටත් කළමනාකරණය කර ගැනීම සඳහා අඩුම වශයෙන් ලබන 14 වැනිදා (සඳුදා) සිට තවත් සති දෙකක් කාලයකට රට වසා තබන ලෙසත් එම කාලය තුළ මීටත් වඩා සංචරණ සීමා දැඩි කරන ලෙසත් ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය යළිත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (11) ලිපියක් යවමින් එම සංගමය ජනාධිපතිවරයා විසින් රට වසා දැමීමට ගත් තීන්දුව අගය කර ඇති අතර ඒ හේතුවෙන් ප්‍රතිඵලදායක ලෙස මෙම වසංගතය ව්‍යාප්ත වීම පාලනය කර ගත හැකි වූ බව පෙන්වා දී ඇත.
සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ගේ අත්සනින් යුතුව යවන ලද මෙම ලිපියෙන් වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් පහත සඳහන් කරුණු 6 සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා ඇත.
1. ලබන ජූනි මස 14 වැනිදා සිට අඩුම වශයෙන් සති දෙකක කාලයක් යළි රට වසා දැමීම
2. සංචරණ සීමා පවතින තත්ත්වයන්ට වඩා එම කාලය තුළ දැඩි කිරීම මඟින් නිවැසියන් පිටතට යාම හැකි තරම් පාලනය කිරීමට කටයුතු කිරීම.
3. මෙම කාලය තුළ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා වැඩ බිම් සහ කාර්යාල ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිතයන් ආවේක්ෂණය කිරීම, සිදු කරන පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීමට කටයුතු කිරීම, ආශ්‍රිතයන් නිරෝධායනය වැනි පාලන කටයුතු දැඩි කිරීම
4. ඉතා වේගයෙන් පැතිරෙන සහ මාරාන්තික තත්ත්ව වැඩි වශයෙන් අත්කර දිය හැකි නව කොවිඩ් ප්‍රභේද අප රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මේ දිනවල කොවිඩ් ව්‍යාප්තිය උඝ්‍රව පවතින රටවල සිටින සංචාරකයන් මෙරට ට පැමිනීමට අවසර ලබා නොදීම
5. දැනට සිදු කෙරෙන පීසීආර් පරීක්ෂණ බොහොමයක් සිදු කෙරෙන්නේ ආසාදිත බවට සැක කරන අයට සහ නිරෝධායනය අවසන් කිරීමේදි සිදු කරන පිසීආර් පරීක්ෂණ වන අතර ඊට අමතරව සමාජයේ කෙතරම් ව්‍යාප්ත වි ඇතිද යන්න නිවැරදිව හදුනා ගැනීම සඳහා සමාජය තුළින් අහඹු පීසීආර් පරීක්ෂණ සිදු කිරීම වැඩි කිරීම.
6. ජනතාව කොවිඩ් වසංගතය වළක්වා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන් මීට වඩා දැනුවත් කරන ශක්තිමත් සන්නිවේදන ක්‍රමෝපායයක් ක්‍රියාත්මක කිරීම.

මෙම කරුණු හය පිළිබඳව අවධාරණය කරන ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය දැනට රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති සංචරණ සීමාවල නිසි ප්‍රතිඵලයක් ලැබීමටන ම් මේ ආකාරයට රට වසා දැමීමේ තත්ත්වය දීර්ඝ කළ යුතුම බව පෙන්වා දී තිබේ.
මේ අතර එම සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වාර්තා කිරීම සඳහා දැනට පවතින ක්‍රමවේදයේ පවතින අඩුපාඩු පවතින අතර එය මීට වඩා කාර්යක්ෂම සහ විශ්වාසදායී යාන්ත්‍රතුණයක් සකස් කළ යුතු බව පෙන්වා දී ඇති අතර ඊට අදාළ සැලැස්මක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද දන්වා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් නිසා පිටරවල් අපේ මාලු එපා කියයි

Next Post

සැප වාහන ගන්නව ද නැද්ද?… ජවිපෙ ත් ඇඹරෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.