ලලිත් චාමින්ද –
අගෝස්තු මස 28 දායින් ආරම්භ වී සැප්තැම්බර් මස 03 වැනි දිනෙන් අවසන් වු සතිය තුළ මෙරට කොවිඩ් ආසාදිත මරණ 1435ක් වාර්තා වි ඇති බවත් එන්නත් මාත්‍රාදෙකම ලබාගත් පුද්ගලයින් 183 දෙනෙකු ඒ අතර සිටින බවත් වසංගත රෝගවිද්‍යා ඒකකය පවසයි. එය ප්‍රතිශයක් ලෙස එම සතියේ සිදුවූ මරණවලින් සියයට 12.75කි.
මියගිය පුද්ගලයින්ගෙන් 824 දෙනෙකු කිසිදු කොවිඩ් මාත්‍රාවක් ලබාගෙන නොතිබු අතර ප්‍රතිශයක් වශයෙන් ගත්කළ එය සියයට 57.4කි.
එක් කොවිඩ් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 428 මියගොස් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 29.8කි.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ය. එම මරණ සංඛ්‍යාව 1115කි. ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 77.7කි. වයස අවුරුදු 30ත් 59 අතර කොවිඩ් ආසාදිත මරණ 295ක් වාර්තා වි ඇති අතර එය සියයට20.6කි. අවුරුදු 30ට අඩු මරණ 25ක් වාර්තා වි ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 1.7කි.
මෙම සතිය තුළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 760කි. ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 53.0කි.
මෙම සතිය තුළ වු කොවිඩ් මරණ වලින් 1110ක් රෝහල්වලින් වාර්තා වි ඇති අතර නිවෙස්වලදි මියගොස් ඇති සංඛ්‍යාව 245කි. රෝහලට ඇතුළත් කරණවිට 80 දෙනෙකු මියගොස් ඇත. කොවිඩ් මරණ වලින් සියයට 17.1ක් නිවෙස්වලින් වාර්තා වි ඇති අතර රෝහල් වලින් වාර්තා වි ඇති මරණ සංඛ්‍යාව සියයට 77.4කි.