සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩි.බි හේරත් කෘෂිකර්ම අමාත්‍යවරයා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
සත්ත්ව ආහාර මිල ඉහළයාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවින් බලවත් අපහසුතාවට පත්ව ඇති බවද සත්ත්ව ආහාර මිළ ඉහළයාම නිසා සත්ත්ව නිෂ්පාදන ද ඉහළ යාමට පටන්ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
මේ අතර දියර කිරි නිෂ්පානය ප්‍රවර්ධනය සඳහා කිරි ගවයින්ට ප්‍රමාණවත් තණකොළ නොලැබීම නිසා කිරි නිෂ්පාදනය අඩු වී ඇති බැවින් තණකොළ වගා කරන්නට කැමති අයට රජයේ ඉඩම් ලබා දී තණකොළ වගාව ප්‍රවර්ධනය කිරිමටත් එසේ වගා කරන තණකොළ කිරි ගොවින්ට හා ගෙවිපලවලට අලෙවි කිරිමටත් අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කිරිමටද අද (16) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අවධානය යොමු වී ඇ.ත.