බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සටන් කියමින් පාරේ උද්ඝෝෂණය කිරීම නිවැරදි ගුරු සිරිත නොවෙයි… ජනපති යාපනයේ දී කියයි!

by editor
මැයි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගුරු වෘත්තිය ආදර්ශයක් විය යුතු බවත් සටන් පාඨ කියමින් මහ පාරේ උද්ඝෝෂනය කරනවානම් ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජාත්‍යාන්තර කීර්තියට පත් පෙර පැවති යාපනයේ ගුරු සිරිත යළිත් රටට අවශ්‍ය බවත්, වෘත්තීය ගෞරවය රැකෙන අයුරින් කටයුතු කිරීම සියලු ගුරුවරුන්ගේ වගකීම බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ යාපනය තන්දයි සෙල්වා ශ්‍රවණාගාරයේ ඊයේ (25) පැවති යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ 375 දෙනෙකු සඳහා මෙහිදී ගුරු පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

අද ගුරු පත්විම් ලබන ඔබ සියලුදෙනා විශාල වගකීමක් භාර ගන්නවා. සිසුන් 35-40ක් සිටින පන්ති කාමරයක දරුවන්ගේ අනාගතය අද ඔබ භාරගන්නවා. එම දරුවන්ගේ අනාගතය නිර්මාණය වන්නේ ඔබේ මගපෙන්විම අනුවයි. එම වගකීම ඉටුකළ නොහැකි නම් ඔබ ගුරු වෘත්තියට සුදුසු වන්නේ නැහැ.

එදා යාපනයේ ගුරුවරු දිවයිනේ සෑම ප්‍රදේශයකටම සහ ජාත්‍යන්තරයටද අවශ්‍ය වුණා. ඔවුන් එම වගකීම විශාල කැපවීමකින් යුතුව ඉටු කළා. මම අධ්‍යාපනය ලැබු කොළඹ, රාජකීය විද්‍යාලයේත් යාපනයෙන් පැමිණි ගුරුවරුන් සිටියා. ඔවුන් විශාල කැපවීමකින් කටයුතු කළ අතර එම සුවිශේෂි කැපවීම නිසාම යාපනයේ සිටි ප්‍රසිද්ධ ගුරුවරු පිළිබඳ තවමත් සමාජයේ කථා බහකට ලක් වෙනවා. එම ගුරු සිරිත රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් වූ බව කිවයුතුයි.

යාපනය ගොඩනැගුනේ එහි අධ්‍යාපනය උසස් මට්ටමකින් පවත්වාගෙන ගිය නිසයි. යාපනයේ ඇතැම් පාසල් ලෝකය පුරා විශාල ප්‍රසිද්ධියක් ලබා තිබුණා. හාර්ට්ලි විද්‍යාලයේ ශිෂ්‍යයන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය තුළ සිය දක්ෂතා පෙන්නුවා. ඒ නිසා ඔබද එම ගෞරවනිය වෘත්තියට ඇතුළත් වන ලෙස මම ඉල්ලා සිටිනවා.

ගුරු වෘත්තිය තුළ ඔබ ආදර්ශයක් විය යුතුයි. සටන් පාඨ කියමින් මහ පාරේ කෑ ගසනවානම් සිසුන් ඔබව පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔබේ වගකීම නිසි ලෙස ඉටු කළයුතුයි.

එදා යාපනයේ හොද පාසල් ක්‍රමයක් පැවතුණා. අපේ හිටපු කථානායකවරයෙක් වන කේ.බී. රත්නායක අධ්‍යාපනය ලැබුවේ හාර්ට්ලි විද්‍යාලයේයි. යුද්ධය හේතුවෙන් ගුරුවරු ඉවත්ව ගිය නිසා එම පාසල පසුබෑමකට ලක් වුණා. යාපනයේ අධ්‍යාපන ක්‍රමය නැවත ජාත්‍යන්තර මට්ටමට ගෙන ආ යුතුයි.

උතුරේ මන්ත්‍රීවරු සහ විශ්විවිද්‍යාල නියෝජිතයන් ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර යාපනයේ පාසල් ක්‍රමය නැවත පෙර පැවති ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට අදාළ සැලසුම් ආණ්ඩුවට ලබා දෙන ලෙස මම ආණ්ඩුකාරතුමියට දැනුම් දීමට කැමතියි.

දෙමළ හා සිංහල අධ්‍යාපනය පමණක් දරුවන්ට ලබාදීම ප්‍රමාණවත් නොවන අතර ඉංග්‍රිසි දැනුමද ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ගුරුවරු බඳවා ගැනීමට කටයුතු කළයුතුයි. මෙය වසර 10-15ක දීර්ඝ වැඩපිළිවෙළක් වුවද දැන් සිටම එම කටයුතු ආරම්භ කළ යුතුයි.

ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් උතුරේ දරුවන් වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කිරීමට කැපවන ලෙස ඉල්ලා සිටිමින් අද පත්වීම් ලැබූ සියලුදෙනා වෙනුවෙන් මගේ සුබපැතුම් පළ කරනවා.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්න්, එම්.ඒ. සුමන්තිරන්, චාර්ල්ස් නිර්මලනාදන්, කුලසිංහම් දිලීපන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වූ අතර හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් සහ උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිත ඉල්ලන තරුත් එක්ක “සිංහබාහු” අලුත් කරන්න ගිහින් සෝමරත්න සිංහයා මරපු හැටි….

Next Post

අරක්කුවලට වහ දමා දී සැමියා මැරූ බිරිය අත් අඩංගුවට….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.