අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් විශ්වාසභංගය වෙත නැඹුරු වීම ගැන 43 සේනාංකය සතුට පළ කරයි!

by Lankasara News
අප්‍රේල් 10, 2022
in පුවත්
Karunarathna Paranawithana
Share on FacebookShare on Twitter

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර දැරූ ස්ථාවරය ඉවත් කොට රජයට එරෙහි ව විශ්වාසභංගයක් ගෙනඒමට කැමති වීම පිළිබඳව සතුටු වන බව 43 වන සේනාංකය නියෝජනය කරන හිටු පාර්ලිමෙන්තු මන්ත්‍රි කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. මේ වනවිට විපක්ෂයේ මන්ත්‍රිවරුන් එම විශ්වාස භංග යෝජනාවට අත්සන් කරමින් සිටින බවත් 43 සේනාංකයේ නායක චම්පික රණවක මහතා ඒ අතර මුලිප්ම අත්සන් කළ මන්ත්‍රිවරයකු වන බවද පරණවිතාන මහතා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරණවිතාන මහතා
“ඊයේ වෙනකොට පාර්ලිමේන්තුවේදී විපක්ෂය ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරන්න පටන් අරගෙන තිබෙනවා. හතලිස් තුනේ සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මැතිතුමා ඒ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරලා තිබෙනවා. මේක තමයි අපි ඉස්සෙල්ලා ඉඳන්ම ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා. විපක්ෂයට විශේෂයෙන් වගකීමක් තියෙනවා ඒ වගකීම අතහැරලා දාන්න බැහැ. කල් දාන්න බැහැ. ඊළඟ මැතිවරණය වෙනකන්. මොකද විපක්ෂයේ ප්‍රධානම කියමන ඊළග මැතිවරණයක් තියලා ඒකෙන් ජනවරමක් අරගෙන ඊට පස්සේ පාලන බලය අරගෙන ඉවර වෙලා මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවා වගේ කතාවක්. ඇත්තෙන්ම අපේ අදහස දරපු විපක්ෂ මන්ත්‍රීවරුන් තවත් කීපදෙනෙක්ම පාර්ලිමේන්තුවේ මේ අදහස් ඉදිරිපත් කළා. ඒ විතරක් නෙවෙයි මේ අර්බුදය විසඳන්න අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. අපි සකස් කළේ රාජපක්ෂලා නොවන අන්තර්කාලීන ආණ්ඩුවක් සැදිය යුතුයි. ඒ ආණ්ඩුවේ වගකීම කවුරුවත් දරන්නේ නැත්නම්, සියලු දෙනාම කැමතිනම් පාඨලී චම්පික රණවක මැතිතුමා ඒ වගකීම වුණත් දරන්න කැමතියි කියන පණිවිඩය අපි ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කළා. හැබැයි ඒ වගේම මේ විශ්වාසභංග ක්‍රියාවලිය සාර්ථක කරන්න අවශ්‍යයි. ඒක නිකන් විපක්ෂයේ තවත් වැඩක් හැටියට කරලා හරියන්නේ නැහැ. මේ වෙලාවේ මිනිස්සු කියන්නේ රාජපක්ෂලා යා යුතුයි කියලා. ගෝඨාභය ජනාධිපතිවරයා අයින් විය යුතුයි. රාජපක්ෂලා දේශපාලන බලය අතහැරිය යුතුයි. එහෙම නම් ඒක කොහොමද කරන්නේ? පාර්ලිමේන්තුවේ ඉස්සෙල්ලා ඒක කරන්න ඕනේ. ඒක කරන්න නම් ඉස්සෙල්ලා විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව පරද්දන්නට අවශ්‍යයි. ඒ පරද්දන්නට නම් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලු දෙනාම එකට සිටිය යුතුයි.

විශ්වාසභංගය, ජයග්‍රහණය කළොත්, අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති ධූරයෙන් අස්වෙලා අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න වෙනවා. ඒ ආණ්ඩුව මොකක්ද? ඒ පිහිටුවන්න වෙන ආණ්ඩුව තමයි අපි ප්‍රකශ කරපු රාජපක්ෂලා නැති අන්තර්වාර ආණ්ඩුව. එහෙමනම් ඒ ආණ්ඩුවේ ස්වභාවය මොකක්ද? ඒ ආණ්ඩුව මේ ආර්ථික අර්බුදයට දෙන විසඳුම මොකක්ද? මේ බලශක්ති අර්බුදයට දෙන විසඳුම මොකක්ද? මේ දේශපාලන අර්බුදය සඳහන් කොහොමද? ඊළඟ මැතිවරණය දක්වා මේ සංක්‍රාන්ති ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන කරුණු කාරණා සම්බන්ධයෙනුත් මේ සාකච්ඡාව කරන්නට අවශ්‍යයි.

එමෙන්ම මේ සඳහා සහභාගී වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව ඉතාමත්ම බලගතු ආර්ථික අර්බුදයක ඒ වගේම දේශපාලන අර්බුදයක ගිලී ඇති බවයි.එමෙන්ම මෙවැනි ආර්ථික අර්බුදයක් පැමිණෙන බව වැරදි මුල්‍ය ක්‍රියාදාමයක් සිදුකරන විට කල්තියාම පැවසු බවයි.

ඕනම කැබිනට් මණ්ඩලයක් ගෙදර යවන්න පුළුවන් විශ්වාසභංග යෝජනාවක් මගින්. ඒ වගේම ජනාධිපතිවරයා පාලනය කිරීම සඳහා ක්‍රම ගණනාවක් තිබෙනවා. පළවෙනි එක ඔහුට අය වැයෙන් දීලා තියෙන ඒ මුල්‍ය පාලනය, ඔහුට ලැබිලා තියෙන ඒ මුල්‍ය බලය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරයට පුළුවන්. ඒ වගේම තවත් ලබාදීලා තියෙනවා දෝෂාභියෝගයක්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තියෙනවා නම් සිදු කරන්න. ඒ වගේම කතානායකවරයා එකඟ නම්, ඒ දෝෂාභියෝගය භාරගැනීම සරල බහුතරයටත් කරන්න පුළුවන්.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඒ වගේම රට ඉල්ලන අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ජනාධිපති ධූරය අහෝසි කිරීමට, දෙදාස් පහලවේ ඇතිවෙච්ච ව්‍යවස්ථා සංශෝධනයේදී බොහොම පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළා. පැහැදිලිවම මේ විසිවෙනි සංශෝධනයෙන් කැටිකරගත් බලය ජනාධිපතිවරයා, අත්තනෝමතික බලය ඉවත් කරලා, රාජ්ය සේවය, පොලිසිය, විශේෂයෙන්ම අධිකරණය, ස්වාධීන කිරීම සඳහා වෙන නව විසිඑක්වෙනි සංශෝධනයක් සම්මත කරන්නත්, මේ පාර්ලිමේන්තුවට පුළුවන්. එහෙමනම්, ව්‍යවස්ථාවෙන් ඕනෑවටත් වඩා ඉඩකඩ ලබාදීලා තියෙනවා, එහෙනම් මේ විශ්වාසභංගය අනිවාර්යෙන්ම මේ විපක්ෂය සහ ආණ්ඩුවේ ඉන්න පිරිස ඒ සඳහා අන්තර්කාලීන භාරකාර ආණ්ඩුවක් පත්කර ගත යුතුයි. අපි බොහොම පැහැදිලිව කිව්වා මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමෙන් හැකියාවක් නෑ.

ජනතාව කෝපයෙන්, බඩගින්නේ, ගන්න තීරණ, නිවැරදි තීරණ වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ මේ මූලික තත්වයන් ලබාදීලා, ඔවුන්ගේ ආහාර, ඖෂධ සහ ඔවුන්ට ආරක්ෂාව, ඒ වගේම ඉන්ධන, බලශක්තිය ලබා දීලා ඔවුන් යම් ආකාරයකට සාමාන් ය ජන ජීවිතයට හුරු වුණාට පස්සේ, පුළුවන් අපට දේශපාලන සංවාද, විවාද කරලා, අපට පුළුවන් මැතිවරණයකට යන්න.

ඒ වගේම ජනාධිපතිවරයාට එරෙහිව ඔහුගේ ඒ අයවැයෙන් ඔහුට ලබාදීලා තියෙන මුල්‍ය බලය, ඒ වගේම ඔහුගේ බලතල සීමා කරන විසි එක්වෙනි සංශෝධනය හෝ ඔහුව ධූරයෙන් පහ කිරීම සඳහා වෙන දෝෂාභියෝගය කියන මේ සෑම කාරණයකටම අපි කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් මිලියන ගණනක් වැය කර ගෙනා කොව්ඩ් එන්නත් මාත්‍රා මිලියන 06ක් ජූලියේ කල්ඉකුත් වීමට නියමිතයි…

Next Post

මහ වැසි මැද දිස්ත්‍රික් කීපයක ප්‍රදේශ නායෙ යෑමේ අවදානමක…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.