අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් මෝටර් සයිකල් ඉල්ලයි

(ස්ථාවර නියෝග 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නය)

by Lanka Sara Editor
සැප්තැම්බර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෝටර් බයිසිකලය යනු සාමාන්‍ය පවුල්වල සාමාජිකයින් විසින් තම එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදා ගනු ලබන ජනප්‍රියතම වාහනය වන අතර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ද බහුලව තම ව්‍යාපාරික කටයුතු සඳහා භාවිත කරනු ලබන වාහනයයි.

එසේම, රජයේ හා පෞද්ගලික අංශවල සේවකයින් විසින්ද සේවා ස්ථානයට යාමට හා නැවත නිවෙස් බලා එ්මට මෝටර් බයිසිකල් භාවිත කරනු ලබයි. එපමණක් නොව, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ආහාර හා වෙනත් පාරිභෝගික භාණ්ඩ නිවෙස් වෙත බෙදා හැරීමේ ව්‍යාපාර සඳහාද යොදා ගනු ලබන්නේ මෝටර් බයිසිකලයයි. ඒ අනුව, කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක් වූ ග්‍රාමීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉතා වැදගත් මෙවලමක් වශයෙන්ද මෝටර් බයිසිකලය හැඳින්වීමේ කිසිදු වරදක් නොමැත.

02. කෙසේ වුවද, වර්තමානයේ මෝටර් බයිසිකල් ආනයනය සඳහා පනවා ඇති තනහම හේතුවෙන් ග්‍රාමීය ජනතාව මෙන්ම රජයේ හා පෞද්ගලික අංශවල සේවකයින්ද දැඩි අපහසුතාවයකට පත් වී සිටිති. එසේම, මෝටර් බයිසිකල් අලෙවිය තම ජීවනෝපාය කොට ගත් අලෙවි නියෝජිත ආයතන හිමිකරුවන් හා එම ආයතනවල සේවය කරනු ලබන සේවකයින් ද අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. තවද, මෝටර් බයිසිකල් ආනයනය කරන ලද සමාගම් විශාල ප්‍රමාණයක්ද තම සේවකයින්ට පඩි නඩි ගෙවීමේ අපහසුතාවන්ට මුහුණ පා ඇත. මේ හේතුවෙන් දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇත.

03. මීට අමතරව රජයට සැළකිය යුතු බදු ආදායමක්ද අහිමි වන අතර බැංකු හා මූල්‍ය සමාගම්වලටද මෙමගින් ඉතා අහිතකර බලපෑමක් එල්ල කරනු ලබයි. මෙම ආනයන තහනම ක්‍රියාත්මක කිරීමේ හේතුව විදේශ විනිමය පිටතට ගලා යෑම වැලැක්වීම බව රජය නියෝජනය කරන ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළද, ආනයන කාලසීමාවන් සැලකීමේදී ණයවර ලිපි නිකුත් කිරීමෙන් අනතුරුව මුදල් පිටතට යන්නේ අවම වශයෙන් මාස 06 ක කාලසීමාවකට පසුව බැවින් හැකි ඉක්මනින් මෙම තහනම ඉවත් කිරීමේ කිසිදු බාධාවක් නිරීක්‍ෂණය නොවේ. එසේම, මෙම ආනයන තහනම ඉවත් නොකරන්නේ නම් දේශීය වශයෙන් මෝටර් බයිසිකල් නිෂ්පාදනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් පැවතිය යුතු නමුත් එවැනි කිසිදු වැඩපිළිවෙලක්ද මෙතෙක් ක්‍රියාත්මක කොට නොමැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

04. මෙම පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් හදිසි කාරණයක් වශයෙන් සලකා පහත ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

1) මෝටර් බයිසිකල් ආනයනය කිරීම සඳහා තහනමක් පැනවීමට හේතු වූ කරුණු මොනවාද? එම තහනම වහාම ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

2) මෝටර් බයිසිකල් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම හේතුවෙන් සමාන්‍ය ජනතාව මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ද, ආනයන සමාගම් සේවකයින්ද, අලෙවි නියෝජිතයින් හා ඔවුන්ගේ යැපෙන්නන්ද අන්ත අසරණභාවයට පත්ව ඇති බව රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

3) දේශීය වශයෙන් මෝටර් බයිසිකල් නිෂ්පාදනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් රජය සතුව තිබේද? එසේ නම් ඒ සම්බන්ධව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

අංජුගේ කෝටි පහේ ලංසුව මැද කොච්චිකඩේදී පොලිස් වෙඩි කෑ රොහා කවුද?

Next Post

උතුරේ කඩු කල්ලිවල සීඝ්‍ර වර්ධනයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.