බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් පසුපස යන පළාත් පාලන නියෝජිතයන් වෙනුවට එජාපයෙන් අලුත් මුහුණු

by Lanka Sara Editor
ජූනි 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වෙනත් පක්ෂවලට සහයෝගය දක්වන පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායකයින් වෙනුවට නවකයින් පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කර තිබේ.

මේ සම්බන්ධව කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එහිදී පක්ෂයේ උපදේශක නිශ්ශංක නානායක්කාරගෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් කීපදෙනෙකු විමසා සිටියේ කණ්ඩායම් නායකයින් වෙනුවට අලුතෙන් පත් කිරීම් කළ නොහැකි ද යන්නයි.

ඕනෑම පළාත් පාලන ආයතනයක පක්ෂයේ සාමාජිකයෙක් මහජන නියෝජිතයෙකු ලෙස පත්ව ඔහු තම පක්ෂයට විරුද්ධව කටයුතු කරනවා නම් ඔහු හෝ ඇය එම තනතුරුවලින් ඉවත් කිරීමේ හැකියාව පක්ෂයට තිබෙන බව නීති උපදේශකවරයා පෙන්වාදුන්නේය.

මෙහිදී ආණ්ඩුව සහ අනෙකුත් පක්ෂවලට උදව් කරන පළාත් පාලන ආයතනවල කණ්ඩායම් නායකයින් වෙනස් කිරීම සඳහා ලිපි යවනවා කිව්වට අද වන තෙක් එක ලිපියක් යවා නැති බව මතක් කළ රංගේ බණ්ඩාර මහතා ‘එලෙස ලිපි යැවීමට නොහැකි ප්‍රශ්නයක් තිබෙනවා දැයි’ මහ ලේකම්වරයාගෙන් විමසා සිටියේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඊට පිළිතුරු දෙමින් මහා ලේකම් අකිල විරාජ් කියා සිටියේ ලිපි යැවීමට කිසිදු ප්‍රශ්නයක් නැති බවත් එලෙස ලිපිය යවනවා නම් ඒ අයගේ තනතුරු වෙනස් කරනවා නම් පක්ෂය ඒ ගැන තීරණයක් ගත යුතු බවයි.

මේ අතර පුරප්පාඩුව තිබෙන ආසන සංවිධායක ධූර කඩිනමින් සම්පූර්ණ කිරීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා කළ අතර දැන්ට පුරප්පාඩුව පවතින ආයතන සඳහා නව එජාප සංවිධායකවරු පත්කිරීමේ සම්පූර්ණ බලය නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරනු ලැබීය.

මේ අතර පක්ෂයේ තනතුරු සඳහා අලුත් මුහුණු පත්කර ගත යුතු බවත් ඒ අනුව ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂ පෙරමුණට තවදුරටත් බලගන්වා ගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතු බවත් මෙහිදී රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

අලියාගෙන් බලයට පැමිණ තනතුරු ලබාගෙන අලියාට වින කරන පිරිසක් සිටින බවත් ඔවුන් වහාම පක්ෂයෙන් නෙරපා හැර හැකියාව දක්ෂතාවය ඇති අයට පක්ෂයේ තනතුරු ලබාදී කඩිනම් වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවත් අනෝමා ගමගේ මහත්මිය මෙහි දී පෙන්වා දී ඇත.

මේ අනුව පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යා හැකි වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරගත යුතු බවත් ඒ සඳහා සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය යුතු බවත් එහිදී තීරණය කෙරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විනය පරීක්ෂණයට ලක්වූවන්ට රනිල්ගෙන් තවත් සතියක්

Next Post

එජාප සාමාජිකත්වය අහිමිවීම වළක්වාගන්න දාපු මද්දුමබණ්ඩාරගේ පැමිණිල්ල 15 වැනිදා විභාගයට

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.