බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත්ලා ගේන ගම්මන්පිලගේ විශ්වාසභංගය ආණ්ඩුවට හයියක් බව රනිල් කියයි

by Lanka Sara Editor
ජූනි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයෙන් සිදුවන්නේ ආණ්ඩුව ශක්තිමත් වීම බවත් අද කළ යුතුව ඇත්තේ ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම නොව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගම්මන්පිල ඇමතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය ගෙනඑන විශ්වාසභංගය විපක්ෂයේ වෙනත් කිසිදු පක්ෂයක් අත්සන් කර නැති බව හෙතෙම අනාවරණය කළේය.

වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වන රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීම ගම්මන්පිල ඇමැතිවරයාගේ තනි තීන්දුවක් නොවන බවත් ඒ ජනාධිපති අගමැති සහ ඇමති මණ්ඩලය එක්ව ගත් තීන්දුවක් බවත් එවැනි අවස්ථාවක එක් පුද්ගලයෙකුට පමණක් විශ්වාසභංගයක් ගෙන ඒම තුළින් ඔවුන් අතර තිබෙන අසමගිය සමගිය බවට පෙරළෙනු ඇති බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තමන් විපක්ෂ නායක ධුරයේ සිටියේ නම්, කිසිවිටෙකත් මෙවැනි තීන්දුවක් නොගන්නා බව පැවසූ ඒ මහතා, ආණ්ඩුවේ බෙදීම තවත් තීව්‍ර වීමට ඉඩහැර බලා සිටින බව ද ඔහු බව ද ඔහු සඳහන් කළේ ය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට යන තමන් ආණ්ඩුවට එක්වීමට හෝ එහි තනතුරු ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් තමන් හදවතින්ම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන බවත් හෙතෙම සඳහන් කළේය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම තමන්ගැනීම තමන් මුල සිටම ප්‍රතික්ෂේප කළ බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ බල කිරීම මත සහ රටේ උද්ගතව තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වයන්ට හමුවේ තමන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවට තීරණය කළ බවද හෙතෙම අනාවරණය කළේය.

තමන් පාර්ලිමේන්තු යාමේ ප්‍රධානතම අරමුණ වන්නේ කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ ව්‍යසනයෙන් උද්ගතව අර්බුදවලට විසඳුම් ලබා ලබා දීමට ආණ්ඩුව පෙළඹවීම සඳහා බව ද හෙතෙම කීය.

මේ දිනවල උදය ගම්මන්පිල මහතාට අත්ව ඇති ඉරණම පිළිබඳව චමුදිත සමරවික්‍රම මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ එය කවි පදයකින් විග්‍රහ කළ හැකි බවයි.

එසේ පැවසූ හිටපු අගමැතිවරයා කීවේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාට,

බැසිල්ගේ සෙනඟ වට කරගෙන තෙල් යුද්දේ..
උදය මැතිඳු අද තනියම වෙල මැද්දේ..

යන කවි පන්තියට අදාළ ඉරණමකට ඔහු ගොදුරු වී ඇති බව ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් විනාශය සොයන්නට පැමිණි විශේෂඥවරු වැඩට බසිති.

Next Post

එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අද ඇරඹේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.