බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් එක්ක ගිය අයගෙන් රනිල්ට එරෙහි විශ්වාසභංගයක්..

by Lanka Sara Editor
මැයි 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 දෙනෙක්ගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව අධිකරණයේ නඩු පැවරීම්ටත් නීත්‍යානුකූල නොවන ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීම හා පක්ෂය දුර්වල කිරීම සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටත් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද සවස තීරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ණණ අනුමැතිය ඇතිව සමගි ජන බලවේගය ගොඩනගා තිබෙන බැවින් එහි කිසිදු සාමාජිකයෙක් ඉවත් කිරීමට හෝ දඬුවම්කට යටත් කිරීමට එජාපයට බලයක් නැති අතර මෙවැනි ප්‍රචාර හමුවේ මුලා නොවී ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සියලු දෙනා කැප වී ක්‍රියා කළ යුතු බව එම රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරීී මණ්ඩල රැස්වීම පිටකෝට්ටේ විපක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද සවස 3.00 ට පමණ ආරම්භ කළේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය 40 දෙනකුගෙන් සමන්විත වන අතර 38 දෙනෙක් අද පැවති රැස්වීම්ට සහභාගී වූහ. මංගල සමරවීර සහ රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරු අත්‍යාවශ්‍ය කරුණක් නිසා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම්ට අද දිනයේ පැමිණීමට නොහැකි බව දැනුම් දී තිබේ.

රැස්වීම් ආරම්භ කර දීර්ඝ කරුණු දැක්වීමක නියැළුණු සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් 69 දෙනෙකුගෙන් සමන්විත වූ බවත් ඉන් 40ක් සමගි ජන බලවේගය සමග එක්ව සිටින බැවින් රනිල් වික්‍රමසිංහ මහතාට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කැඳවීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් හෝ හැකියාවක් නැති බවත් පෙන්වා දුන්නේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

එවැනි පසු පසුබිමක් තුළ අපේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව ප්‍රකාශ කරමින් සිදු කර ඇත්තේ සුපුරුදු මාධ්‍ය සංදර්ශනයක් මෙන්ම අපව බය කිරීමට උත්සාහ කිරීමකි. මෙවැනි බියගුලූ ක්‍රියාවන් හමුවේ නොරැවටී ජයග්‍රහණය කරා යන ගමන ආපසු හැරවීමට ඉඩ නොතබා සියලු දෙනා එකාවන්ව සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළයුතු බව සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් අවධාරණය කර ඇත.

සමගි ජනබලවේගය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලබාදුන් බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයකින් සහ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත් අකුරෙන් තමා වෙත එවන ලද ලිපියකින් තහවුරු කර තිබෙන බැවින් කිසි ලෙසකින්වත් සමගි බලවේගය සමග එක්ව සිටින අයට එරෙහි විනය පියවර ගැනීමේ හැකියාවක් නැති බව සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කළේය.

මෙම කරුණු පදනම් කරගනිමින් වික්‍රමසිංහ මහතාට එරෙහිව නොපමාව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගත යුතු බවත් පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට ගෙන යන ප්‍රචාර හමූවේ මුලා නොවී සිටින ලෙසත් සියලු සාමාජිකයින්ගේ ආරක්ෂාව සියයට සීයක්ම තමා බලාගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අනතුරුව නැගී සිටි රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ සමගි ජන බලවේගය පිහිටුවීම නීතිවිරෝධී ක්‍රියාවක් හෝ අපේ සාමාජිකත්වය අත්හිටුවන බවට හෝ මෙතෙක් කිසිදු ලිඛිත දැනුම්දීමක් කරන නොමැති බවයි. ඉතිහාසය පුරාවටම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම සිදු කළේ මෙවැනි මාධ්‍ය සන්දර්ශන දමමින් කටයුතු කිරීම බව පෙන්වාදුන් රංංජිත් මද්දුම බණ්ඩාර ලබන 1,2,3 දිනවල ලංකාවේම සිටින සමගි ජන බලවේගයේ මැතිවරණ අපේක්ෂකයින් කොළඹට කැඳවා තිබෙන බවත් එහිදී ඉදිරි මහ මැතිවරණ ව්‍යාපාරය දියත් කරන ආකාරය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය අද කළ යුත්තේ රටේ ජන ජනතාව පීඩාවට පත්කරමින් ආණ්ඩුව ගෙනියන ඒකාධිපති පාලනයට එරෙහිව ගමන් කිරීම වුවත් ඔවුන් එය පසෙකලා ආණ්ඩුවට එරෙහිව සැබෑ හඬක් නගන සමගි ජන බලවේගය අඩපණ කරන බවත් එය පැහැදිලිවම ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බව කබීර් හෂීම් මෙහිදී පෙන්වා දුන්නේය.

ආණ්ඩුව හා රනිල් අතර ඩීල් එකක් තිබෙන බව පැහැදිලි යැයි ප්‍රකාශ කළ සරත් ෆොන්සේකා එය ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමට එක්විය යුතු බවට රවි කරුණානායක පසුගියදා ප්‍රකාශ කිරීම් තුළින් තහවුරු වන බව පැවසීය. සමගි ජනබලවේගයේ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය විවේචනය කරමින් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තවත් කිහිප දෙනෙක් අදහස් පළ කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙත්සම් විභාගය විනිසුරු මඩුල්ල නව දිනටත් රැස්වෙයි…

Next Post

මරණය දැක දැක කුවේට් ශ්‍රී ලාංකිකයන් කියන කතාව

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.