ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇත.
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ සමගි ජනබලවේගයේ ඇතැම් මන්ත්‍රීවරු, ආණ්ඩු පක්ෂයේ සිටින විශ්වාසභංගයට සහයෝගය දක්වන පිරිස් සහ පසුගිය දා ස්වාධීන වූ මන්ත්‍රීවරු කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ
මේ අවස්ථාවේ විශ්වාසභංගය ගෙනඒමෙන් ආණ්ඩුව එකමුතු වී ශක්තිමත් වීමට එය ඉවහල්වනු ඇති බව දේශපාලන පක්ෂ පෙන්වා දී ඇත.
ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව විශ්වාභංග යෝජනාව තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.







