ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ක්‍රීඩා වංචා විමර්ශන ඒකක ඔහුට විදේශයන්වලින් මුදල් ලැබීම් සම්බන්ධයෙන් වාර්තාවක් ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් ඉල්ලා තිබේ.
සචිත්‍ර සේනානායක සම්බන්ධයෙන් මෙතෙක් කළ විමර්ශන උදෘතයන් නීතිපතිවරයා වෙත යොමුකර ඉදිරි විමර්ශන සඳහා උපදෙස් ද පතා ඇත.
සචිත්‍ර සේනානායක ක්‍රීඩා වංචා හා වැරදි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ඒකකයට ලබාදුන් ආදායම් වාර්තාව සම්බන්ධයෙන්ද විමර්ශන තවදුරටත් පැවැත්වෙන බව එම ඒකකයේ තොරතුරු අනාවරණය කළේය.







