මනම්පිටිය – නිමල් ජයරත්න
ජන පීඩක රජය වහාම ගෙදර යන ලෙසට බල කරමින් විරෝධතා පා ගමනක් පොලොන්නරුව මහ සඟරුවන මෙන්ම තරුණ ප්‍රජාව සිවිල් ක්‍රියාකාරීන් හා ගොවි ජනතාව එක්ව පොලොන්නරුව දීප උයන අසල දී ආරම්භ විය.
පොළොන්නරුව දීප උයන අසල දි ආරම්භවුණු මෙම විරෝධතා පා ගමන කදුරුවෙල දක්වා ගමන් කරමින් ඇත.
පොලොන්නරුව පොලිසිය විසින් විරෝධතා පාගමන සඳහා දැඩි ආරක්ෂාව සලසා තිබූ අතර මෙම විරෝධතා ව්‍යාපාරයට දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රහුලාලංකාර නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, ගොවි ජනතාව, නීතිඥවරු ඇතුළු වෘත්තිකයින්, සරසවි සිසුන් මෙන්ම මෙන්ම සිවිල් ප්‍රජා ක්‍රියාකාරීන් රැසක් ද එක් වී ඇත.
ඉකුත් 13 වැනිදා පොලොන්නරුව දීප උයන අසලින් මෙම සංකේත විරෝධතාවය ආරම්භ කළ අතර අද දිනයේ දී පොලොන්නරුවේ සිවිල් ප්‍රජා ක්‍රියාකාරීන් සහ ගොවි ජනතාව එක්ව මෙම පා ගමන සංවිධානය කර ඇත







