බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංස්කෘතික උරුම සංරක්ෂණය හා කළමණාකරණයට පිරිනැමෙන ලොව ඉහළම සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට…  

by editor
ඔක්තෝබර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සංස්කෘතික උරුම සංරක්ෂණ හා කළමනාකරණ ක්ෂේත්‍රයන්හි විශේෂ කුසලතා ඇති පුද්ගලයන්ට පිරිනැමෙන ලොව ඉහළම අන්තර්ජාතික ගෞරවනීය සම්මානයෙන් විශිෂ්ට  ශ්‍රී ලාංකිකයක විද්වතෙක් වූ අචාර්ය ගාමිණී විජේසූරිය පිදුම් ලැබ ඇත.

1956 දී යුනෙස්කෝව විසින් නිර්මාණය කරන ලද ඉතාලියේ රෝම නගරයේ පිහිටුවා ඇති අන්තර්ජාතික සංවිධානය වන සංස්කෘතික දේපොළ සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ අධ්‍යයනය සඳහා වූ අන්තර්ජාතික මධ්‍යස්ථානය හෙවත් ඉක්‍රොම් (ICCROM) විසින් පිරිනමනු ලබන 2021 වසරේ සම්මානයේ ප්‍රතිලාභියා ආචාර්ය ගාමිණී විජේසූරිය ය. 

මෙය අයික්‍රොම් මධ්‍යස්ථානයේ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් දුන් සහ පොදුවේ සංස්කෘතික උරුමයන්, ගෝලීය පරිමාණයෙන් සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ විශේෂ කුසලතා ඇති පුද්ගලයන් සඳහා උරුම අංශයේ පිරිනැමෙන ඉහළම ගෞරවනීය සම්මානයයි. 

ඉතාලියේ රෝමයේ රෙසිඩෙන්සා ලැවනේල්හි පැවති උත්සවයකදී අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වෙබර් එන්දෝරෝ විසින් මේ සම්මානය ආචාර්ය විජේසූරිය වෙත ඊයේ පිරිනමනු ලැබීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඉක්‍රොම් සම්මානය ප්‍රථම වරට 1979 දී ප්‍රදානය කරන ලද අතර, එතැන් සිට ලොව පුරා පුද්ගලයන් 50 දෙනකු මේ ගෞරවයට පාත්‍ර වී ඇත. ඔවුන් අතර 20 වැනි සියවසේ සංස්කෘතික උරුම ක්‍ෂේත්‍රයට දැක්වූ දායකත්වය මනාව තහවුරු වී ඇති, ලෝකයේ වඩාත්ම ගෞරවනීය සහ පිළිගත් උරුම වෘත්තිකයෝ සිටිති. 

නවීන ප්‍රතිසංස්කරණ සිද්ධාන්තයේ කතුවරයා වන ඉතාලි ජාතික සංරක්ෂක චෙසාරි බ්‍රැන්ඩි, සංරක්ෂණය පිළිබඳ තවත් සුප්‍රසිද්ධ ඉතාලි දාර්ශනිකයකු වන ගස්සෝලා, අයිකොමොස් ආයතනයේ ප්‍රඛම සභාපති බෙල්ජියම් ජාතික රේමන්ඩ් ලැමියේ,  ඉක්‍රොම්හි ආරම්භක අධ්‍යක්ෂවරයා වූ එක්සත් රාජධානියේ ආචාර්ය හැරල්ඩ් ප්ලෙන්ඩරලීත් සහ බෙල්ජියමේ ආචාර්ය පෝල් පිලිපෝ, එක්සත් රාජධානියේ ශ්‍රීමත් බර්නාඩ් ෆීල්ඩන්, තුර්කියේ ආචාර්ය සෙවාට් එඩර්, සිම්බාබ්වේහි වෙබර් එන්ඩෝරෝ මෙන්ම කැනඩාවේ මහාචාර්ය හර්බ් ස්ටෝවල් සහ ෆින්ලන්තයේ ආචාර්ය ජුකා ජොකිලෙතෝ ආදි විද්වත්හු ඒ අතර වූහ. 1969 සිට ආසියා පැසිෆික් කලාපයෙන් පුද්ගලයන් පස් දෙනකුට මේ සම්මානය ලැබී ඇති අතර, විජේසූරිය මහතා ප්‍රථම ශ්‍රී ලාංකිකයායි.

උත්සවයේ අවස්ථාවක්…

ආචාර්ය විජේසූරිය   ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පියකු සහ පුරාවිද්‍යාඥයකු වන අතර, ලෝක උරුමයන් පිළිබඳ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික විශේෂඥයකු ලෙස නමක් දිනාගත් ලෝක පූජිත උරුම කළමනාකරණ වෘත්තිකයෙකි. වර්තමානයේ ලොව පුරා පිළිගැනීමක් ලබා ඇති, සමාජයට සහ උරුමයට ප්‍රතිලාභ ගෙන දෙන ස්වාභාවික සහ සංස්කෘතික උරුම සංරක්ෂණය හා තළමනාකරණය සඳහා ජීවමාන උරුම/ ප්‍රජා කේන්ද්‍රීය ප්‍රවේශ පිළිබඳ නව්‍ය වැඩසටහන්වල මූලික න්‍යායන් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු අන්තර්ජාතික පිළිගැනීමක් ලබා ඇත.

ආචාර්ය ගාමිණී විජේසූරිය මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීමෙන් පසු නාගරික සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෙටි කලක් සේවයේ යෙදී, 1983 දී ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ අනුප්‍රාප්තිකයා ලෙස පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සංරක්ෂණ අංශයේ ප්‍රධානියා (සහකාර කොමසාරිස් / නියෝජ්‍ය කොමසාරිස්/ වාස්තු විද්‍යාත්මක සංරක්ෂණ අධ්‍යක්ෂ) ලෙස පත් වී වසර 18ක් එම තනතුර හෙබවීය. 

පැරණි ඕලන්ද රෝහල සහ මිරිසවැටි චෛත්‍යය ප්‍රතිසංස්කරණය, 1998 දී එල්ටීටීඊය බෝම්බ ප්‍රහාරයට ලක් කිරීමෙන් පසු දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කිරීම වැනි ප්‍රධාන ව්‍යාපෘති කිහිපයකට නායකත්වය දෙමින් සංරක්ෂණ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කර අධීක්‍ෂණය කළේය. 

දිවංගත ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ නායකත්වය යටතේ අයිකොමොස් ශ්‍රී ලංකා, ගාලු උරුම පදනම සහ  ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව වැනි මෙරට වැදගත් උරුමයන් සම්බන්ධ ආයතන කිහිපයක් නිර්මාණය කිරීමට ප්‍රබල දායකත්වයක් දෙනු ලැබීය.

නවසීලන්ත රජයේ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කලාපීය විද්‍යාඥයකු ලෙස කෙටි සේවයකින් පසු, ආචාර්ය ගාමිණී විජේසූරිය   2004 දී ඉක්‍රොම්හිහි ස්ථිර කාර්ය මණ්ඩලයේ අන්තර්ජාතික සිවිල් සේවකයකු ලෙස පත් වූ ප්‍රථම ආසියාතිකයා බවට පත් විය.

වසර 40ක් පුරා පැතිරී ගිය ලෝක උරුමය පිළිබඳ ඔහුගේ මැදිහත් වීම එහි උච්චතම අවස්ථාවට පැමිණියේ ඔහු ඉක්‍රොම් හා සම්බන්ධ වීමත් සමඟ වූ අතර, එහි සිට වසර 14ක් පුරා යුනෙස්කෝව වෙත ඍජු උපදෙස් දුන් ප්‍රධාන කණ්ඩායම් සාමාජිකයකු ලෙස කටයුතු කළේය. ඔහුගේ ප්‍රධාන දායකත්වයන් අතර සංස්කෘතික ලෝක උරුම කළමනාකරණය කිරීමේ සම්පත් අත්පොත, ලෝක උරුම ධාරිතා වර්ධන උපාය මාර්ග, රටවල් 50කට ආසන්න සංඛ්‍යාවක් ආවරණය වන පරිදි දූත මෙහෙවර 150කට අධික ප්‍රමාණයක් ඇතුළත් විය. ලෝක උරුමයේ පුරෝගාමීන් 60 දෙනා අතර ඔහු යුනෙස්කෝවේ ලැයිස්තුගත කර ඇත.

ඔහු අන්තර්ජාතික සම්මන්ත්‍රණවල දේශන/ ප්‍රධාන දේශන 100කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති අතර, උරුම සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික අංශ ගැන අන්තර්ජාතික සඟරා සහ පොත්වල පුළුල් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ නවතම ප්‍රකාශනය උරුමය සංරක්ෂණය/ කළමනාකරණය සඳහා වූ විකල්ප න්‍යායික ප්‍රවේශයන් නමින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් මේ වසරේ Ancient Ceylon 26 ලෙස මුද්‍රණය කොට ඇත.

ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් වාස්තු විද්‍යාව පිළිබඳ BSc සහ MSc උපාධි ලබා ඇති අතර, අමෙරිකාවේ කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ඓතිහාසික සංරක්ෂණය පිළිබඳ MA උපාධියද, එක්සත් රාජධානියේ යෝර්ක් විශ්වවිද්‍යාලයෙන්, පුරාවිද්‍යාව/ උරුම කළමනාකරණය පිළිබඳ MA උපාධියද, නෙදර්ලන්තයේ ලෙයිඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියද හිමි කරගෙන ඇත.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා කවුන්සිලයේ සහ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ අධි සාමාජිකයකු වන ඔහු, දැනට අයිකොමොස් ශ්‍රී ලංකා ‍හි සභාපතිවරයාද වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පකිස්ථානයෙන් පෙරළිකාර ගමනක ලකුණු!

Next Post

 ගිවිසුම් ගසා ඇමරිකාවට දුන් “යුගදනවි“ සල්ලිත් සති හතරකින් එනවා… මහබැංකුව හෙළි කරයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.