බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“සංයුතියත් අවුල්.. සිලින්ඩරත් පරණයි.. ක්‍රියාවලියෙත් ප්‍රශ්න..” – රාජ්‍ය ඇමති ගෑස් ගැන කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෑස් සංයුතිය, සිලින්ඩර පැරණි වීම මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේද දැවැන්ත ප්‍රශ්න ගණනාවක් මේ වනවිට පෙනී ගොස් ඇති බව පාරිබෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ගෑස් ප්‍රශ්නය පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම කියාසිටි‍යේ කමිටුවේ අවසන් වාර්තාව පැමිණීමෙන් පසුව ගෑස් ක්‍රියාවලියට අදාළව පාරිභෝගිකයා 100%ක් ආරක්ෂා වනතෙක් අලුතින් නීති පැනවීම, පවතින නීති සංශෝධනයට ද පියවර ගන්නා බවයි.

තවමත් පාරි‍භෝගිකයාට 100%ක් වගකීම සහතික විය නොහැකි බව ද හෙතෙම කීය.

“අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක පුපුරවගන්න නෙවෙයි. මේක උඩුදුවා ගන්න නෙවෙයි. ඒ නිසා තවදුරටත් මේ ප්‍රශ්නය පිළිබඳව ඕනෑම පාර්ශවයක් ලබා දෙන අදහස් බාරගන්න සුදානම්. මේ දක්වා තවම නිරීක්ෂණයක්, නිගමනයක් විද්‍යාත්මකව අපට තොරතුරු ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. නමුත් අපට අවබෝධ වෙලා තිබෙන ආකාරයට, බොහොම පැහැදිලිව මගේ පෞද්ගලික නිගමනය , ඉදිරියේ දී පරීක්ෂණ වාර්තා ආවොත් මේක හින්ද නෙමෙයි මෙන්න මේක හින්දයි මේක සිද්ධ වෙලා තියෙන්නෙ කියලා ඉදිරියේදී අපි ඒක නිවැරදි කර ගන්නම්.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

නමුත්, මගේ පෞද්ගලික නිගමනය ගෑස්වල සංයුතිය වෙනස්වීම නිසා මේ ප්‍රශ්නය ඇති වුණා කියන එක විශේෂයෙන්ම අප පිළිගත යුතුයි. අපේ රටේ ප්‍රමිති ආයතනය විසින් ගෘහස්ථ ගෑස් සඳහා සකස් කරපු ප්‍රමිතියට, අද මේ අපේ නරකයි කියන ගැසූ ප්‍රමිති ආයතනය විසින් සකස් කර තිබෙන ප්‍රමිතියට අනුකූලයි. පලවෙනි ප්‍රශ්නය තියෙන්නෙ මෙන්න මේකයි. අපේ රටේ ප්‍රමිති ආයතනය විසින් සකස් කරපු ප්‍රමිතියේ මේකේ සංයුතිය පිළිබඳ කිසිවක් සඳහන් කරලා නෑ. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ප්‍රමිතිය තිබෙන්නේ පීඩනය තුළ . පීඩනය 1100ක් විතර තියෙනවා. එතකොට මේ ප්‍රොපේන් බියුටේන් සංයුතිය, ප්‍රොපේන් 100% වුණත් අර පීඩනය පනින්නෙ නෑ . දැන් අපි මේකෙන් නියැදි 12ක් අපි යැව්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට. ඒ දොළහෙ ම තිබෙන්නේ ප්‍රොපේන් 47/ 48ක් වගේ. මට ඒ වාර්තා පාර්ලිමේන්තුවට සභාගත කරන්න පුළුවන් කිසිදු ගැටලුවක් නෑ . ඒ වගේම ප්‍රමිති ආයතනයට ඇරියා 10ක් . මේ ආයතනයෙන් කියන්නේ ප්‍රමිතියට අනුව තියෙන පීඩනයට අනුකූලයි මේක කියන එක. ඉතිං ඒ කියන්නේ මේක තාක්ෂණිකමය ප්‍රශ්නයක් තිබෙනවා.

මේ ගෑස් සමාගම් දෙකේ නිෂ්පාදන ක්‍රියාවලිය දිහා බලපුවාම මමත් පෞද්ගලිකව නිරීක්ෂණය කළ අප නිලධාරීන් පාරිභෝගික අධිකාරියේ සභාපති තුමා ඇතුළු ප්‍රමිති ආයතනයේ නිලධාරීන් ගිහිල්ලා නිරීක්ෂණය කළා අපේ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ලේකම්තුමාත් ගියා. විශේෂයෙන්ම මේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පාරිභෝගිකයාගේ ආක්ෂාව පිළිබඳ මං හිතන්නේ දැනට වඩා ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා.

ඒ වගේම සිලින්ඩර්වල නඩත්තුව පිළිබඳව. මේ සිලින්ඩරයේ අයිතිය තියෙන යම්කිසි ආකාරයකට, සැබෑ අයිතිය තියෙන්නේ සමාගම්වලට. එක්දහස් නවසිය අනූ ගණන්වල ඉඳන් ඒ සිලින්ඩර අපේ භාවිතයේ තියෙනවා. 1998 නිකුත් කරපු සිලින්ඩරත් තියෙනවා. එතකොට මේ සිලින්ඩර්වල අංකයක් නැත. පැහැදිලිවම නැත.

රජයේ ආයතනවල වගේම මේ සමාගම්වල නිෂ්පාදන ක්‍රියාවලියෙන් දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තිබෙන බව බොහොම පැහැදිලිව අපේ නිරීක්ෂණයට ලක් වුණා. තාම අවසාන වාර්තාව ආවෙ නැති වුණත්. මේ තත්ත්වය නිරාකරණය කරගැනීම වෙනුවෙන් අපි තීරණ කිහිපයක් ගත්තා. පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය, ITI ආයතනය නැවට ගිහිල්ලා නියැදි ලබාගෙන 30/32/20 ගණන්වල ප්‍රොපේන් තිබුනොත් විතරයි ඒවා රට ඇතුළට එන්න දෙන්නෙ.

ඒ රසායන වල ගඳ වහනය වන ඒවා තිබුණේ නෑ. අපට මැදිහත් වෙලා ඒ සමාගම්වලට ඒවා හොයල දෙන්න සිද්ධ වුණා. ඊයේ ඉදන් නිකුත් කරපු ගෑස් වලට අපි වෙනම ස්ටිකර් දෙකක් දැන් සලකුණු කරලා තිබෙනවා. අපි සියයකට වතාවක් පීඩනය මනින කියලා තියෙනවා දාහකට වතාවක් අනිවාර්යෙන්ම මනිනවා. ඒ පීඩනය මනින යන්ත්‍ර මොනවත් මේ සමාගම් දෙකේ තිබුණේ නෑ. සමාගම් දෙකේ යන්ත්‍ර 20 අපට සිද්ධ වුණා ඉරිදා ITI ආයතනයේ රසායනාගාරය ඇරලා තමයි ඒ යන්ත්‍ර ටික ගෙනල්ලා lab test එකක් කරලා තමයි නිකුත් කරන්න පෙර, දැන් ඒ පීඩනය මනින්නේ. සිල් කඩපු නැති පෙර ගෑස් වෙළෙඳපොළ හෝ ගෙදර තියෙනවා නම් ඒවා යළි කැඳවන්න අපි නියෝග කළා. දැනට සිදුවීම් 400 ගණනක් සිද්ධ වෙලා තියෙනවා.

මේක අපේ රටේ පවුල් වලින් 30% ක ට බලපාන ප්‍රශ්නයක්. දින සිලින්ඩර් ලක්ෂයක් වගේ තමා නිකුත් වෙන්නේ. අදටත් අපිට පාරිභෝගික ජනතාවට සීයට සීයක් පැහැදිලි වගකීමක් ලබා දෙන්න පුළුවන් කමක් නෑ. අපේ ඉලක්කය තියෙන්නේ ඉතාමත් කඩිනමින් සියයට සියයක්ම පාරිභෝගිකයා ආරක්ෂා වන මට්ටමට මේ ප්‍රශ්නය නිරාකරණය සඳහායි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රධානම ඉන්දීය හමුදා නිලධාරියා තමිල්නාඩුවේ දී මාරක ගුවන් අනතුරක…

Next Post

ඇය මහා හඬින් හඬා නොවැටුනේ ඇයි?

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.