ගෑස් මිලදී ගැනීමට ගාල්ල හික්කඩුවේ සිට පොලොන්නරුව මැදිරිගිරියට ත්‍රීවිල් රථයකින් පැමිණි පුද්ගලයෙක් පිළිබඳ අද මාධ්‍ය වාර්තා කළේය.
මෙම පුද්ගලයා පවසා ඇත්තේ හික්කඩුවේ ඇති සිය සොයුරාගේ සංචාරක හෝටලය සඳහා ගෑස් සිලින්ඩරයක් මිල දී ගැනීමට මෙසේ මැදිරිගිරියට පැමිණි බවය.
පොඩි සිලින්ඩර තුනක් රැගෙන පැමිණි ඔහුට එම පොඩි සිලින්ඩර තුන ඇපයට තබාගෙන ගෑස් සිලින්ඩරයක් ලබා දීමට කටයුතු කිරීමට ගෑස් ඒජන්සියේ හිමිකරු කටයුතු කර තිබිණි.