බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්වයෙන්  පස්සේ මහව පුංචි උන් කියූ කතා!

by editor
ජනවාරි 24, 2022 - Updated on ජනවාරි 25, 2022
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

මහව අධ්‍යාපන කලාපය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සෑම වසරකම දිවයිනේ ප්‍රමුඛස්ථානය ලබා ගන්නා අධ්‍යාපන කලාපය යි . ඒ සඳහා දරුවන් සූදානම් කිරීමට ගුරුවරු අපමණ වෙහෙසක් දරති. ඒ වන්නියේ අහිංසක දරුවන්ට අධ්‍යාපනයෙන් තොර ජීවිතයක් හෝ අනාගතයක් නොමැති නිසාය. 5 ශ්‍රේණියෙ  ශිෂ්‍යත්ව කඩඉම ජය ගැනීම ඔවුන්ට ලෝකය දැකීමට තිබෙන එකම මාවත නිසාය. වන අලි, නියඟ, ගංවතුර, වසංගත ඇතුළු   ස්වභාවික ආපදාවන්ට මුහුණ දෙමින් ඔවුන් මේ ගෙවන්නේ බොහෝ දුර්භෝග සහිත ජීවිතයකි. ගුරුවරු කරන්නේ ඒ ශුෂ්ක ජීවිත ගමන්මග හැකි පමණින්  සුමට කර දීමය.

දැන් මේ අවුරුද්දේ  දරුපැටවුන්ගේත් අම්මලා තාත්තාලාගෙත් මහා අරගලය හමාරය.    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පෙරේදා නිම විය. විභාගය ලියූ දරුවන් සොයා ලංකාසර අප  ගියේ විස්තර විමසන්නට ය. ඔවුන්ට කැප කිරීමට සිදු වූ ළමා කාලය ගැන පුංචිම හෝ පසුතැවීමක් තියෙනවදැයි සොයා බලන්නටය. ශිෂ්‍යත්වය ඔවුන්ට දැනුනේ කෙසේදැයි අසන්නට ය.

“ගොඩක් මහන්සි වුනා. අපේ සර්ලා මිස්ලා මේ විභාගය පාස් කරන එකේ වටිනාකම නිතරම අපිට කියලා දුන්නා. ඒ නිසා උනන්දුවෙන් වැඩ කළා. ප්‍රශ්න හතරක් විතර අමාරුයි. අනිත්වා ලේසියි. අපි කොහොමහරි පාස් වෙන්න ඕන… නැත්නම් අපේ සර්ට දුක හිතෙයි”  ඒ එරියාව ප්‍රාථමික විදුහලේ මෙවර ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටි පුතෙකු කී කතාවයි. ඒරියාව ඉස්කෝලය හැමදාම ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පෙරළියක් කරන ඉස්කෝලයකි. ඒරියාවේ අමිල සර් රටක් කතා කළ ගුරුවරයෙකි.

“මේ දවස්වල නිතරම ඇල ඇරලා. ඇලේ වතුර ගියාට නාන්නවත් වෙලාවක් තිබුනේ නෑ විභාගෙ නිසා… ඒත් ප්‍රශ්න පත්තරේ අමාරුයි අනේ…   පිටුවක් ම මග හැරුණා. ඒ පිටුවේ ප්‍රශ්න හයක් විතර තිබුණා. ගෙදර අම්මත් අඬනවා.. ටීචර් ත් අඬනවා…  මට එපා වෙනවා නැන්දෙ… ප්‍රතිපල එනකම් පාස් වෙයිද ෆේල් වෙයිද දන්නේ නෑ … ”  දියබුං ගහසන්නට ඇලට පැමිණ තොන්තුවෙන් ඇල දෙස බලා සිටිනා    හෙන්රි ඕල්කට් ප්‍රාථමික විදුහලේ දැරියක් කීවාය. ඒ මලානික ඇස් සහිත පොඩි එකී දෙස කඩා වැටෙන හදවතින් යුතුව බලාගෙන සිටියෙමි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

” සැහැල්ලුවෙන් ලීවා. වෙන දෙයක් වෙයි. අපේ අම්මා මාව ශිෂ්‍යත් පන්තියේ ඇරියෙත් නෑ. ඉස්කෝලේ කරපු දෙයක් විතරයි .  සමහරවිට මං පාස්වෙයි” ඒ ඇහැටුවැව  බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ දරුවෙක් කීවේය. කී සැනින් පොඩි එකා කුරුල්ලෙක් මිටින් හළ සේ දිව ගියේය. .

“මටනම් එපා නම් එපා වෙලා හිටියේ. අයියලා දෙන්න හැමදාම සෙල්ලම් කළා. මට හැමදාම ඔන්ලයින්. ශිෂ්‍යත්ව විභාගෙ ඉවර වෙන්නෙ කවද්ද කියලා හිටියෙ. ඒත් විභාග ලියන්න ගියාම හිතුනා මේක ලියන්න කොච්චර දුක් වින්දද කියල.  ඒත් පාස් වෙයිද ෆේල්  වෙයිද දන්නෙ නෑ ….” ඇඹුල්ගිරිය ප්‍රාථමික විදුහලේ පුතෙක්  කීවේය.

ඒ අතරතුර ගල්ගමුවේ දැරිවියක් අපූරු කතාවක් කීවාය…

“මට හරි වැඩක් තමයි වුනේ. උදේ අම්මා මගේ  බඩ පුරවල ඇරිය හොඳටම. පේපර් එක ලියද්දි මට බඩගිනි එයි කියල බයේ. ඉන්ටවල් එකට කන්න බනිසුත් දුන්නා.. දෙකම කන්න කිව්වා … මං ඉතින් කෑවා .. දෙවැනි පේපර් එක ලියද්දි මට මුළු peapar එක පුරාම වමනෙ ගියා. මට වුනේ මොකක්ද තේරුනේ නැහැ. එතන හිටිය ටීචර්  පව් .ඒත් ටීචර්  ඉක්මට මගේ පේපර් එක හෝදලා…. අයන් එකක් රත් කරලා ගෙනත් වේලල දුන්නා. විනාඩි දහයක්වත් ගියේ නෑ. ඒ ටීචර් ම උදැල්ලක් ගෙනත් වැලි දැම්මා . මගේ ඩෙස් එක හෝදලා  පිහල  මේස රෙද්දක් දාලා දුන්නා… මට ඒ ටීචර් ට ආදරේ හිතුනා.. එයා අපි අම්මා වගේ කියලා හිතුනා.  සමහරවිට මං විභාගය පාස්වෙයි… ”

තවත් පුංචි පුතෙක් කී කතාව යළිත් මා කම්පනයට පත් කළේය.

“කොරොනා ටිකක් අඩු වුනාට පස්සේ පන්ති කලේ ඉස්කෝලේමයි. යන එන පාරේ අලි… උදේට බයෙන් බයෙන් ඉස්කෝලෙ ට……මගේ තාත්තා නෑ . අම්මා මාව ඉස්කෝලෙට දාලා හේනට යනවා… පන්ති ඉවර වුනාහම සර් තමයි මාවයි, තව යාලුවෙකුයි ගෙදරට ගිහින් දාන්නෙ… ඉතිං හොඳට ලීවා.

කොහොමහරි විභාගය පාස් වෙන්න ඕන. නැත්තං අම්මයි අපෙ සර් රුයි පව්…“

ලෝකයම අවිචාරවත්ව දුවන තරගයකය. අධ්‍යාපනයේ සීමිත අවස්ථාව තම දරුවා වෙනුවෙන් වෙන්කරදීමට අසීමිත පොරයක යෙදෙන අම්මලා තාත්තලාය. ඔවුන් ඒ තරගයේ යෙදෙන්නේ සියලුම මානුෂික ධර්මතා කුඩු පට්ටම් කරමිනි.  ඒ අසංවර පොරපිටියේ තැලී පොඩි වී විකල් වූ පුංචි උන් හොඳටෝම ඔත්පල වී සිටින බව දකිමි. උන් මේ ලෝකයට ආදරය කරන, අනෙකාට ආදරය කරන, ගෞරව කරන අනාගත මිනිසුන් වේ නම් එය සිදුවනු ඇත්තේ ආශ්චර්යයකිනි.

ශිෂ්‍යත්වය දා සවස ගල්ගමුවේ පාසල් ගේට්ටු  අභියස කඩාගෙන හැලුනේ ඒ නොදරුවන් මත ඇතිකළ අමානුෂික පීඩනයේ හැඩය බව විශ්වාස කරමි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාකිස්ථානයත් ණය අර්බුදයක?

Next Post

වියලි කාලගුණයේ වෙනසක්… ප්‍රදේශ කීපයකට වැසි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.