ඉන්දියාවෙන් බිහිවු විශිෂ්ඨම ක්‍රීඩකයෙක් වූ ශිකර් ධවාන් තමන් සියලුම ආකාරයේ ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම අද (24) උදෑසන නිවේදනය කළේය.
අද සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු සිය සමුගැනීම දන්වා සිටියේය.
ධවාන්ගේ අවසන් තරගාවලිය වූයේ අප්‍රේල් මාසයේදී පැවති , IPL 2024 ය. එහිදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ධවාන් විසිනි. ඔහු ඉන්දියාව නියෝජනය කළ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ තරඟ 269 ක දී ශතක 24 ක් ලබා තිබිණි. ඒ එක්දින 17 ක් සහ ටෙස්ට් තරඟ 07ක් ලෙසිනි.
“ජීවිතයේ ඉදිරියට යාමට පිටුව පෙරළීම වැදගත්… ඒ නිසා ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශ කරනවා…” ධවාන් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
“ඉන්දියාවට මෙච්චර කාලයක් ක්‍රීඩා කළ මගේ හිතේ සාමයෙන් මම සමුගන්නවා. මම මටම කියාගන්නේ ඔබ තවදුරටත් ඉන්දියාවට ක්‍රීඩා නොකරන බවට දුක් වෙන්න එපා, නමුත් ඔබ ඔබේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ගැන සතුටු වෙන්න කියලයි” ධවාන් ප්‍රකාශ කළේය.
ඉන්දියාව වෙනුවෙන් ධවාන් සිය මංගල අන්තර්ජාතික තරගය ක්‍රීඩා කරන්නේ වර්ෂ 2010 දී ය. ඔහු සිය ක්‍රීඩා දිවිය පුරා පිතකරුවෙක් ලෙස 40ට වැඩි සාමාන්‍යයක් රඳවා ගත්තේය. ඔහු විශ්‍රාම යන්නේ 90ට වැඩි ප්‍රහාරක වේගයක් සහිතව ලකුණු 5000කට වඩා වැඩියෙන් රැස් කළ ලෝකයේ එක්දින පිතිකරුවන් අට දෙනෙකුගෙන් එක් අයෙකු ලෙසය. සමස්තයක් ලෙස ඔහු එක්දින තරග 167කදී ලකුණු 6793ක් ලබා ගත්තේ තරගයකදී ලකුණු සාමාන්‍ය 44.11ක් සහ ප්‍රහාරක වේගය 91.35ක් ලෙසිනි. මේ ලයිස්තුවේ සිටින අනෙක් ඉන්දියානුවන් දෙදෙනා රෝහිත ෂර්මා සහ විටරාට් කෝලිය. ධවාන සිය අවසන් එක්දින තරගය 2022 දෙසැම්බර් මාසයේදී බංගලාදේශයට එරෙහිව චැටෝග්‍රම්හිදී ක්‍රීඩා කළේය.
ටෙස්ට් තරග 34කදී ඔහු ලකුණු 2315ක් ලබා ගත් ශිකර් ධවාන්ගේ සාමාන්‍ය ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 40.61ක් විය. විස්සයි20 තරග 68කදී 1759ක් ඔහු ලබා ගන්නේ ප්‍රහාරක වේගය 126.36ක රඳවා ගනිමිනි.
2013 වසරේ මොහාලි හිදී සිය මංගල ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 85ක ශතකයක් වාර්තා කළ ධවාන් ටෙස්ට් ක්‍රිකට් තරගයක දී ආරම්භක පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය වාර්තා කළේය. එම තරගයේ දී ඔහු ලබා ගත් ලකුණු 187 ටෙස්ට් මංගල ටෙස්ට් තරගයේදී ඉන්දීය පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස පවතී.
ධවාන් IPL තරඟාවලියේ දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස්, ඩෙකන් චාර්ජර්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ පන්ජාබ් කිංග්ස් නියෝජනය කර තිබිණි. IPL ඉතිහාසයේ ඔහු කෝලිට පිටුපසින් දෙවන වැඩිම ලකුණු ලාභියා වේ. ඔහු ලකුණු 6769ක් රැස් කළේය. තරඟ 222 ක් ක්‍රිඩා කළයේ. ඔහුගේ ප්‍රහාරක වේගය 127.14 විය.







