මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරය තුළ සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන “කිං” චිත්‍රපටයේ තියුණු ක්‍රියාදාම රංගනයක් සහිත රූගත කිරීමක් අතර දී සිදුවූ අනතුරක් හේතුවෙන් තුවාල ලද ෙ ඉන්දියාවේ සිනමා සංකේතයක් වු සුප්‍රකට නළු ෂාරුක් ඛාන්, මේ වන විට සුවය ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
තුවාලයෙන් පසු ඛාන් ප්‍රතිකාර සඳහා එක්සත් ජනපදයට ගොස් තිබිණි. ආරංචි මාර්ග පවසන්නේ තුවාලය බරපතල නොවන නමුත් සම්පූර්ණ සුවය ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් ඔහුට මාසයක කාලයක් රැකියාවෙන් විවේකයක් ගන්නා ලෙස උපදෙස් දී ඇති බවය.
එහි ප්‍රතිඵලයක් ලෙස, “කිං” චිත්‍රපටයේ ඊළඟ රෑගත කිරීම් සැප්තැම්බර් හෝ ඔක්තෝබර් දක්වා කල් දමා ඇත.
දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” විවෘත කිරීමේ උත්සවයේ ආරාධිතයෙක් ලෙස ඊට සම්බන්ධවීමට නොහැකි වන්නේ මේ හේතුව නිසාය. ඔහුගේ ප්‍රවර්ධන සමාගම වූ විස්ක්‍රැෆ්ට් නිවේදනය කළේ ශාරුක් ඛාන් මේ අවස්ථාවට නොපැමිණීම “ඔහුගේ පාලනයෙන් ඔබ්බට ගිය අනපේක්ෂිත සහ නොවැළැක්විය හැකි පෞද්ගලික හේතුවක්” බවය.
උත්සවය මඟ හැරීම ගැන ඛාන් සිය කනගාටුව පළ කර තිබිණි.







