ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු සක්‍රිය සේවයෙන් ඉවත් කරන ලද මිග් 27 ප්‍රහාරක ජෙට් ගුවන් යානාවක් මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිරංජන් ගුණවර්ධන වෙත නිල වශයෙන් භාර දිම ඊයේ (20) සිදුවිය.
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පිඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය විසින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව මෙම ප්‍රදානය සිදු කළ අතර මෙමගින් ගුවන් යානා තාක්ෂණ ඉංජිනේරු ශිල්පය හදාරණ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යන කටයුතු නව මගකට යොමු කිරිමට හැකි වනු ඇතිබව තමා විශ්වස කරන්නේයැයි මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙහිදි ප්‍රකාශ කළේය. තව දුරටත් ඔහු ප්‍රකාශකර සිටියේ හමුදා ප්‍රධානියකු මොරටුව විශ්ව විද්‍යාලයේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙය වන බවත් ඒ පිළිබඳවද ගුවන් හමුදාධිපති තුමන් හට විශේෂ ස්තුතිය පුදකර සිටින බවත්ය.

තවද මෙහිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණ ශිල්පීය දැනුම මොරටුව විශ්වවිද්‍යාලයේ ගුවන් යානා ඉංජිනේරු අංශය සමග හුවමාරු කර ගැනිම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම සිදු කරනු ලැබු අතර මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පිඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත පරියේෂණ කටයුතු නිසි ප්‍රමිතියට අනුව සිදු කිරිමට අවශ්‍යය විද්‍යාගාරයක් ස්ථාපිත කිරිමට ගුවන් හමුදාවේ සහය ලබා දෙන බවද ගුවන් හමුදාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.







