වත්මන් ක්‍රිකට් පාලනයේ නිල කාලය අවසන් බව තහවුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රමුඛ කමිටුවක් පත් කරන ලෙස පසුගිය සතියේ නීතිපතිවරයා නිර්දේශ කිරීමත් සමග දූෂණ හා අක්‍රමිකතා රැසක ලිපිගොනු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අතුරුදන් වීම ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ගබඩා සියල්ලත් කඩි මුඩියේ හිස් වෙමින් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. මේ ලිපි ගොනු අතුරදහන් වීම සිදුවනනේ . ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ රැසක් විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වීම සහ ක්‍රිකට් පරිපාලනය ගෙළු කරවමින් ඒ කරුණු සම්බන්ධව මේ වනවිට කෝප් කමිටුවේදී ප්‍රශ්න කෙරෙන අතරතුරය.
මෙම නීති කෘත්‍ය ආරම්භ වන්නේ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති නිශාන්ත රණතුංග විසින් වත්මන් ක්‍රිකට් පරිපාලනයේ නිල කාලය අවසන් වූ බව ලිපියක් මගින් ක්‍රීඩා අමාත්‍යාංශයට පසුගිය පෙබරවාරි මාසයේ 21 වැනිදා ලිඛිතව සිදුකළ පැමිණිල්ලට පසුවය.
ඒ සමගම නීතිපතිවරයාගේ නිර්දේශ අනුව වත්මන් ක්‍රිකට් පරිපාලනය ඉවත් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් ප්‍රකාශ කළේය. පසුගිය සිකුරාදා දිනය පෝය දිනයක් යෙදී තිබීම හේතුවෙන් මෙම සතියේ සදුදා හෝ අගහරුවාදා එම තීරණය ක්‍රියාත්මක කරන බවට ඔහු ඉඟි කළේය. එහෙත් ක්‍රීඩා ඇමතිවරයාට ඤාති සබඳතා සහිත ක්‍රිකට් පරිපාලනයේ එක් ප්‍රධාන නිලධාරියෙකුගේ බලපෑම මත නීතිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමා වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.