බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී දළදා වහන්සේගේ තේවාව මල්වතු පාර්ශවයට පැවරේ…

by editor
ජූලි 24, 2021
in පුවත්
sri-dalada-maligawa
Share on FacebookShare on Twitter

ශ්‍රී දළදා වහන්සේගේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශව‍යෙන් මල්වතු මහා විහාර පාර්ශවයට පැවරීම මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ දළදා මැදුරේදී සිදු කෙරිනි.

ඉංග්‍රීසි පාලන සමයේ දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය මහා විහාර දෙකේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙත පවරා දීමෙන් පසු ඇතිකරගත් එකඟතාවන් අනුව තේවා කටයුතු වර්ෂයක් පාසා හුවමාරු කර ගනිමින් උභය මහා විහාරීය භික්ෂූන් වහන්සේ විසින් ඉටු කරනු ලබති.

වාර්ෂික වස් එළඹීම සිදුකෙරෙන ඇසළ පුන් පොහෝ දිනට පසුදින මෙම තේවා මාරුව සිදුකිරීම පුරාතනයේ සිට පැවත එන චාරිත්‍රය වන අතර මෙවර දළදා තේවා මුරය අස්ගිරි පාර්ශ්වයෙන් මල්වතු පාර්ශවයට පවරාදීම ඇසළ පුන් පොහෝ දිනට පසුදින එනම් අද ( 24 ) දින සිදු විය.

තේවා මාරුව සිදුවන අවස්ථාවේ දළදා මාලිගාවේ ලේකම්තැන වට්ටෝරු පොත රැගෙන ඉහළ මාලයේ ඇති සියලුම බඩු භාණ්ඩවල ලේඛනය පරීක්ෂා කිරීමෙන් පසු එම වසර සඳහා තේවාවට පැමිණෙන නාහිමි භාණ්ඩ භාර ගැනීම සිදු කරයි. අනතුරුව තේවා මාරුව සිදුවෙයි

තේවා කටයුතු පැවරෙන පාර්ශ්වය නියෝජනය කරමින් ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේ පත්කිරීම සිදුකරනු ලබන්නේ අදාළ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුමැතිය යටතේ ය. ඒ සඳහා වර්තමානයේ භික්ෂූන් වහන්සේ පස්නමක් පත්කරනු ලබන අතර උඩු මහලේ දන්ත ධාතුන් වහන්සේ අබියස තේවා කටයුතු සඳහා තෙනමක් පත් කෙරෙයි.අදාළ පාර්ශ්වයේ කාරක සංඝ සභාව නියෝජනය කරන්නාවූ ජ්‍යෙෂ්ඨ හිමිවරු තෙනමක් මේ සඳහා පත්කෙරෙන අතර ඉන් එක් නමක් දළදා තේවා භාර නායක හිමි ලෙස කටයුතු කරති.

උන්වහන්සේ තේවා කටයුතුවල ප්‍රධානත්වය ගනී. පල්ලේ මාලයට එක් නමක් හා පත්තිරුප්පුවට එක් නමක් වශයෙන් සෙසු දෙනම පත් කෙරෙන අතර උන්වහන්සේලා තේවාව භාර පාර්ශවයේ නේවාසික උපසපන් භික්ෂූන්වීම අනිවාර්යය සාධකයකි. ආගමික කටයුතු කෙරෙහි දක්ෂතාව ඇති ශ්‍රද්ධා සම්පන්න ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූන් වහන්සේ සඳහා පමණක් මෙම උතුම් අවස්ථාව හිමිවෙයි.

අද සිට ඉදිරි වසර දක්වා තේවාව භාර ප්‍රධාන නායක ස්වාමීන්වහන්සේ වන්නේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ මේධංකර ස්වාමීන්වහන්සේය.

සෙසු ස්වාමීන්වහන්සේවරුන් වන්නේ මහනුවර සංඝරාජ පිරිවෙනේ පරිවේණාධිපති මිනිගමුවේ රතනපාල ස්වාමීන්වහන්සේ, උඩගල්දෙබොක්කේ ගුණානන්ද ස්වාමීන්වහන්සේ, රඹුක්වැල්ලේ නන්දාරාම ස්වාමීන්වහන්සේ සහ පහමුණේ ගුණානන්ද ස්වාමීන්වහන්සේ ය.

තේවා කටයුතු වෙනුවෙන් මහා සංඝරත්නයට සහායවීම පිණිස දියවඩන නිළමේතුමන් විසින් නිල වශයෙන් ගිහි පිරිසක්ද පත් කිරීම අතීතයේ පටන් එන චාරිත්‍රයකි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 52ක්

Next Post

ඉතිහාසයේ වැඩිම සහල් මිල අඩු කරන්න සඳුදාට බන්දුලගෙන් ගැසට් එකක්…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.