දකුණු ඉන්දියාවට ශ්‍රි ලංකාවෙන් ඇතුලු වීමට උත්සාහ කරන අවිගත් ආක්‍රමණික කණ්ඩායමක් පිළිබඳව තොරතුරු ලැබීමත් සමඟ තමිල්නාඩු ප්‍රාන්ත පොලිසිය සහ මධ්‍යම බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍යම රහස් ඔත්තු සේවයක් විසින් පසුගිය සෙනසුරාදා සවස මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති අතර ඒ අනුව කන්‍යකුමාරි, තූත්තුකුඩි, රාමේෂ්වරම් මෙන්ම චෙන්නායි යන නගරවල ද සොදියි මෙහෙයුම් සහ ආරක්ෂාව තර කොට ඇත.
බුද්ධි අංශ ආරංචි මාර්ග වලට අනුව මෙම ශ්‍රි ලාංකික සන්නද්ධ ක්‍රියාකාරීන් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර තිබේ. කෙසේ වෙතත්, ආරංචි මාර්ග IANS පුවත් සේවය වෙත පවසා ඇත්තේ මෙම පුද්ගලයින්ගේ නිශ්චිත අනන්‍යතාව ඔවුන් අයත් සංවිධානය ලෙස ද නොදන්නා බවයි.
චෙන්නායි ප්‍රාන්ත පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු මෙම පුවත් සේවය වෙත මෙසේ පවසා ඇත. “අපට අනතුරු ඇඟවීමක් ලැබුණා, නමුත් මට මේ වන විට ඊට වඩා වැඩි යමක් හෙළි කළ නොහැකියි. රජය හරහා වෙරළබඩ ප්‍රදේශ කරා යන සියලුම ප්‍රධාන මාර්ග හරහා සන්නද්ධ පොලිස් නිලධාරීන් අප මේ වනවිට යොදවා තිබෙනවා.
පොලීසිය ආරක්ෂක පියවරයන් වේගවත් කිරීමත් සමඟ තමිල්නාඩු වෙරළ තීරයට ළඟා වීමට දරන ඕනෑම උත්සාහයක් වලක්වා ගැනීම සඳහා වෙරළාරක්ෂක මුර සංචාර ඒකක විසින් මුහුදේ තවත් නාවික නැව් යොදවා ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කේරළ පොලිසියේ බුද්ධි අංශ ආරංචි මාර්ග පෙන්වා දී ඇත්තේ ඒජන්සිවලින් ලැබුණු තොරතුරුවලින් පසු ඔවුන් වෙරළබඩ නගරවල ද සුපරීක්ෂාකාරී වී ඇති බවයි.