ඉතා අයහපත් වායුගෝලීය තත්ත්වයක් යටතේ පැවැත්වෙමින් ඇති ශ්‍රි ලංකා බංගලාදේශ තරගය අතර දිල්ලිය සෙලවී ඇති බව වාර්තා වේ.
අද සවස 04.16. තත්පර හතලිහට මෙම භූමිකම්පාව දැනීමත් සමග දිල්ලි වැසියන් දැඩි කම්පනයකට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මැග්නිටියුඩ් 5.6ක ප්‍රබලත්වයක් සහිත මෙම භූමිකම්පාව යළිත් වරක් වාර්තා වන්නේ නේපාලයෙනි. නේපාලයේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය විසින් X හි පල කර ඇත්තේ අක්ෂාංශ 28.89 හා දේශාංශ 82.36 කලාපයේ කිලෝ මීටර 10ක පමණ ගැඹුරින් මෙම භූ කම්පනය ඇති වී තිබෙන බවය.
භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය උත්තර් ප්‍රදේශ් හි අයෝධ්‍යාවට කිලෝමීටර් 233 ක් උතුරින් වූ ඉන්දීය වාර්තා පවසයි.
මෙම භූමිකම්පාව ජනතාව අතර භීතිය ඇති කළ අතර, දිල්ලි සහ ජාතික අගනුවර බොහෝ දෙනෙක් ගෘහ භාණ්ඩ දැඩි ලෙස සෙලවීම් වාර්තා වී ඇත.
2015 වසරෙන් පසු නේපාලයේ ඇති වූ දරුණුතම භූමිකම්පාවෙන් පුද්ගලයන් 150කට අධික සංඛ්‍යාවක් මිය ගොස් 160කට තුවාල ලැබූ රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක් ඇති වි දින තුනක් තුළ නැවත වරක් මෙම භූකම්පනය නේපාලයේ ඇති වී තිබේ.
නේපාලය පිහිටා ඇත්තේ ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී භූ කම්පන කලාපයකය.