ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට පන්දු යැවීමකය. ඇෆ්ගනිස්ථාන ඉනිම පන්දු ඕවර 22.2ක දී ලකුණු 116කට නිමා වී තිබේ.
කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදීම තේරූ ඇෆ්ගනිස්ථාන ඉනිම කුඩු වී තිබේ.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් යළි පිවිසි දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුළු 04 කි. විශිෂ්ටම පන්දු යැවීමක් දක්වමින් යළිත් සිය වික්‍රමයන් පෙන්වූ වනිදු හසරංග පන්දු ඕවර 4.2ක් තුළ ලකුණු 07කට කඩුළු 03කි.
ලහිරු කුමාර පන්දු ඕවර 5ක් යවා ලකුණු 29කට කඩුළු 2ක්, මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 04ක් යවා ලකුණු 16කට කඩුල්ලක් ලැබුවේය.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ මොහොමඩ් නබීය. ඔහු ලකුනු 23කි. ගුල්බාදින් නබී ලකුණු 20ක්, ඊබ්‍රහීම් සද්රාන් ලකුනු 22ක් ලැබීය. අනෙක් කිසිවෙක් ලකුණු 15ක සීමාවට පැමිණියේ නැත. පිතිකරුවන් 05ක් දැවී ගියේ ලකුණු 10කට අඩුවෙනි.
මේ වනවිට තරගයේ පූර්ණ ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායමටය.