සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගවත් ඉදිරි ගමනක… ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිතවරිය කියයි!

by editor
සැප්තැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යමින් ඇතැයි ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිත මාර්තා වෝල්ඩ්මයිකල් පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ (13) තේ අපනයන කරුවන්ගේ සංගමයේ 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි. ඇය කීවේ ශ්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිස ඇති බවය.

නේවාසික නියෝජිතවරිය මෙසේ පැවසුවාය.

“ශ්‍රී ලංකාව දැන් කොපමණ දුරක් පැමිණ ඇතිදැයි අපි බලන්න ඕන. මීට අවුරුදු 3කට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ ධරුණුතම අර්බුදයකට මුහුණ දුන්නා. දිගු ඉන්ධන පෝලිම්, මූලික භාණ්ඩවල දැඩි හිඟය, වාර්තාගත උද්ධමනය වගේම දෛනික විදුලි කප්පාදුවකට මුහුණ දුන්නා. ”

“ශ්‍රී ලංකාවේ භාවිත කළ හැකි සංචිත වශයෙන් තිබුණෙ ඩොලර් මිලියන කීපයක් පමණයි. ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමටත් බලධාරීන්ට සිදුවුනා. ශ්‍රී ලංකාව කෙරෙහි දේශීය මෙන්ම ජාත්‍යාන්තර විශ්වාසයත් නැති වෙලා තිබුණේ. බොහෝ පවුල් දෛනික ජීවිතයේ දී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. ”

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

“අද වනවිට තත්ත්වය බෙහෙවින්ම වෙනස්. ශ්‍රී ලංකාව අද වනවිට නැවත වර්ධනයට පත් වෙලා. 2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5කින් ප්‍රසාරණය වෙලා. උද්ධමනය තනි ඉල්ලකමට ඇවිත්. ආදායම් සැලකිය යුතු ලෙස වැඩිවෙන්න පටන් අරන්. ඒ වගේම ජාත්‍යාන්තර සංචිත වර්ධනය වෙලා තියෙන්නේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය හොඳින් සිදුවෙනවා වගේම ආයෝජකයින්ට රට පිළිබඳව විශ්වාසය ගොඩනැගෙමින් පවතිනවා.”

“එවගේම ශ්‍රී ලංකාව දූෂණ විරෝධී නායකත්වය ඉදිරියට ගෙනියන අතර පාලනය ද ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ කැපි පෙනෙන ප්‍රගතිය අහම්බෙන් සිදුවූවක් නොවේ. බලධාරින්ගේ තීරණාත්මක ක්‍රියාමාර්ග සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වැනි බාහිර ආයතනවලට සහාය ඇතිව සිදුවූවක්.”

“ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනතාවගේ අසාමාන්‍ය ඔරොත්තු දීමේ හැකියාවේ ප්‍රතිඵලයක්.”
මාර්තා කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංගලාදේශයට එරෙහිව කඩුළු 06ක විශිෂ්ඨ ජයක්… අසියානු කුසලා මංගල තරගය සුබ වෙයි!

Next Post

රට බංකොලොත් වෙලා තිබුණ කාලය තුළ විජේරාම නිල නිවස අලුත්වැඩියාවට මහින්ද කෝටි 51ක් වියදම් කරලා…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.