බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ජයවර්ධනපු රෝහල දිගින් දිගටම පාඩුයි… හේතුව කෝප් කමිටුවේ දී අනාවරණය වෙයි!

by editor
මැයි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන තත්ත්වයේ පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත.

මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී විගණකාධිපති වාර්තා පදනම් කරගනිමින් කෝප් කමිටුව පෙන්වා දුන්නේ මෙම අලාභ ලැබීමට හේතු ගණනාවක් පවතින බවත් මෙහිදී ඇතැම් රෝගීන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබාගත්තද ඊ‍ට අදාළ ගෙවීම් සිදුකොට නොමැති බව නිරීක්ෂණය වන බවත් එසේම ඇතැම් රෝගීන්ගෙන් අයකර ගතයුතු මුදල් කපා හැර ඇති බවත් නිරීක්ෂණය වන බවද කෝප් කමිටුව පෙන්වා දෙන ලදි.

එසේම විශේෂඥ සේවා පවත්වාගෙන ගියද එමගින් ප්‍රමාණවත් ආදායමක් රෝහලට ලැබී නොමැති බවද කෝප් කාරක සභාව පෙන්වා දී ඇත. අදාළ විශේෂඥ සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ රෝහලෙන් ලබාගෙන ඇති බවත්, එම විශේෂඥ සේවා වෙනුවෙන් 2023 වර්ෂයේ මුලු කාර්ය මණ්ඩලය වෙත ගෙවූ වෘත්තීය ගාස්තුව රු. මිලියන 600 පමණ බවත් මෙහිදී කමිටුව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ පූජ්‍ය පක්ෂය සහ රෝහල් සේවකයන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයක් පවතින බවය. එසේම විශ්‍රාම ගිය රෝහල් සේවකයන් වෙනුවෙන්ද රුපියල් 4000 සීමාවකට යටත්ව ප්‍රතිකාර ලබාදෙන බවයෙ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මේ අනුව කඩිනමින් මෙම අවිධිමත් තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය.

තවද මැතිවරණ සමයක් ආසන්නයේ අනුමත නොවූ තනතුරු ප්‍රමාණයක් වෙනුවෙන් පත්වීම් ලබාදී ඇති බවද මෙහිදී කෝප් කාරක සභාව අනාවරණය කළ අතර එම පත්වීම් වෙනුවෙන් ලබාදුන් 35% වැටුප් දීමනා වැඩිවීම ද නීත්‍යානුකූල නොවන බවද පෙන්වා දුන්නේය.

එසේම මෙම නීත්‍යානුකූල නොවන පත්වීම් වෙනුවෙන් වැඩිවීමක් සහිතව වැටුප් ගෙවූවද නීත්‍යානුකූලව පත්කොට ඇති “ලොන්ඩරි පරීක්ෂක” තනතුරක් වෙනුවෙන් වැටුප් ගෙවා නොමැති බවද මෙහිදී පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

මේ අනුව මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකොට වගකීම් පැහැරහැර ඇති සියලු නිලධාරීන් වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටුව නිර්දේශ කරන ලදි.

තවද අනීතික ගෙවීම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති බව නිරීක්ෂණය වන බවත්, ආයතනයේ සේවය කරන සේවක සංඛ්‍යාව, ඔවුන්ට පත්වීම් ලබාදීම සහ වැටුප් ගෙවීම කිසිම ආකාරයකින් අධීක්ෂණය කොට නැති බව නිරීක්ෂණය වන බවත්, මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දුන්හ.

මේ අනුව සමස්ථ ක්‍රියාවලිය සහ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කොට මාස 2ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කාරක සභාව නිර්දේශ කරන ලදි.

එසේම අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා විද්‍යුත් ලිපි ලේඛන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කර නඩත්තු කිරීමට 2015 වර්ෂයේදී ලබාදුන් කොන්ත්‍රාත්තුව රෝහල් කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙකුගේ භාර්යාව, අධ්‍යක්ෂවරිය ලෙස සිටින සමාගමක් වෙත ලබා දී ඇති බවත් එම සමාගම ආරම්භ කොට ඇත්තේ අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම‍ට පෙර දිනයේ බවත් මෙහිදී අනාවරණය විය.

එසේම එක් ව්‍යාපෘතියක් යටතේ ගෙවීම් කරන වාට්ටු සඳහා අඟල් 32 ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර 25ක් මිලදීගැනීමට අනුමතිය ලබාගෙන තිබුණද ඊට අනුකූල නොවන ලෙස වැඩි මුදලක් ගෙවා අඟල් 43 ප්‍රමාණයේ රූපවානී යන්ත්‍ර 25ක් මිලදීගෙන ඇති බව මෙහිදී අනාවරණය වූ අතර 2025.04.30 දින වන විට ඉන් රූපවාහිනී යන්ත්‍ර 06 පමණක් භාවිතයට ගෙන තිබූ බවද මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදි.

මීට අමතරව රෝහලේ හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමටද මෙහිදී තීරණය විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, එස්. එම්. මරික්කාර්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, අසිත නිරෝෂණ එගොඩ විතාන, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අල්ලස් ගත් මහවැලි නිලධාරියෙක් අල්ලස් කොමිසමේ අත් අඩංගුවට…

Next Post

කෙහෙළියගේ පුත් රමිත රඹුක්වැල්ල රිමාන්ඩ්… අප්පාගේ දූෂණයේ කොටස්කාර පුතාටත් වැඩ වරදී….

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.