ශ්‍රි ලංකාව විසින් ලබා ගන්නා ලද ඇමෙරිකානු ඩොකර් මිලියන 250ක ණයක් නොගෙවීම සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකාවේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස සිටින හැමිල්ටන් රිසර්ව් බැංකුව පසුපස සිටින පුද්ගලයන් කවුද යන්න පිළිබඳව මේ වනවිට මූල්‍ය ක්ෂේත්රය තුළ මහත් ආන්දෝලනයක් නිර්මාණය වෙමින් තිබේ. මෙම බැංකුව සෙන්ට් කිටිස් බැංකුව ලෙසින්ද හැඳින්වෙන අතර ශ්‍රි ලංකාවට ලබා දුන් ණය පැහැර හැරීම සම්බන්ධයෙන් නීති මඟට පිවිස පළමු බැංකුව එය වන අතර මෙම බැංකුවට ආයෝජනය කළ පුද්ගලයන් ශ්‍රි ලංකාවේ පෙර සිටි පාලනයන් සමඟ යම් සමීප සබඳතාවක් පැවතියේද යන්න පිළිබඳව මේ වනවිට සියුම්ව විමර්ශණයකට ලක් වෙමින් පවතින බව මූල්‍ය ක්ෂේත්රයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලෙසින් ශ්‍රි ලංකාවට ලබා දුන් ලඩොර් මිලියන 250 මුදල පසුගිය වසරේ අර්ථික අර්බුදය හමුවේ රට බංකොලොත් භාවයට ප්‍රකාශය යට පත් කිරමත් සමඟ ගෙවීම් පැහැර හැරි කාණ්ඩයට එක් මෙම බැංකුටව් ණයද එක් වූ අතර මේ වනවිටත් එම සමාගම විසින් නිව්යෝර්ක් අධිකරණයේ පවරන ලද නඩුවට ශ්‍රි ලංකාව වෙනුවෙන් මැදිහත් වීමට ඇමෙරිකාව මුලින් කටයුතු කළ අතර ලන්ඩන් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත උපුටා දක්වන සන්ඩේ ටයිම්ස් පුවත් පත අද සිය පුවත්පතින් වාර්තා කළේ එක්සත් රාජධානිය සහ ප්රංශයද මේ වනවිට ශ්‍රි ලංකාවට පක්ෂපාතී ව මෙම නඩුවට මැදිහත්ව ඇති බවය.
එම පුවතට අනුව අධිකරණ ක්‍රියාමාර්ග මාස හයක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට පක්ෂ ව , නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් විනිසුරුවරයාට ප්‍රංශය සහ බ්රිකාන්යය ඒකාබද්ධ ව “ඇමිකස් කියුරි” පෙත්සමක් ගොනු කළ බවයි. ශ්‍රී ලංකාව සඳහා දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ එහි ආර්ථිකයේ තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට රට දරන ප්රයත්නයන් ආරක්ෂා කිරීම සඳහා නඩු කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකාව කරන ඉල්ලීමට මේ අනුව එක්සත් රාජධානිය සහ ප්‍රංශය යන දෙකම සහාය දක්වා ඇති අතර පසුගිය සතියේ ඇමෙරිකාවද මෙම ඉල්ලී ම කළේය.
මේ අතර ශ්‍රි ලංකාවේ ණය ප්රතිව්යූහතකරණ ක්‍රියාවලියේ නෛතික කටයුතු හසුරුවන ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම විසින් අනාවරණය කරගනු ලැබ ඇත්තේ මෙම හමිල්ටන් රිසර්ව් බැංකුවේ ප්‍රධාන මූල්‍ය ආයෝජකයා චීන-ඇමරිකානු ආයෝජකයෙකු වන බෙන්ජමින් වේ බව පැහැදිළි බවයි. ඔහු ට මූල්‍ය භාවිතය සම්බන්ධයෙන් නෛතික සහ නියාමනය සම්බන්ධ ගැටලු පවතින පුද්ලයකු ලෙස හඳුනාගෙන ඇති අතර මෙම සමාගමේ මූල්‍ය ආයෝජන පසුපස ශ්‍රි ලංකාවේ මූල්‍ය ක්ෂේත්රය ට සම්බන්ධ බලධාරීන් සිටියේද යන්න පිළිබඳව මේ වනවිට සියුම් ව නිරීක්ෂණය කරගෙන යන බව ලංකාසරට කරුණු අනාවරණය කළ මූල්‍ය ක්ෂේත්‍රෙය් ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේ ය.







