බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවට අවේනික කෘමි සතුන් එකතුකළ ඉතාලි ජාතික මහාචාර්යවරයාට සහ පුතාට තිස්සමහාරාම අධිකරණය කෝටි 06ක් දඩ ගසයි!

දඩ නොගෙව්වොත් බරපතළ වැඩ ඇතිව අවුරුදු දෙකක් හිරේ!

by editor
සැප්තැම්බර් 3, 2024
in පුවත්
court-
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට ආවේනික බත්කූරන්, සමනලුන් ඇතුළු ඒක දේශික කෘමීන් එකතු කරමින් සිටි ඉතාලි ජාතික මහාචාර්වරයෙක් සහ එම මහාචාර්යවරයාගේ පුතා තමන් කළ වනජීවී අපරාධය පිළිගත් පසු ඔවුන් දෙදෙනාට රුපියල් හය කෝටි එක් ලක්ෂ අසු දහසක දඩයක් නියම කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා අද (03) නියෝග කළේය.

දඩ මුදල නොගෙවන්නේ නම් බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවමක් නියම වන බව ද මහේස්ත්‍රාත්වරයා ඔවුන් ට දැනුම් දුන්නේය.

ඉතාලි ජාතික මහාචාර්යයවරයෙකු වන පෙරාරියා ලුවිජි හා ඔහු පුත් පෙරාරියා මාටියා නැමැති මේ දෙදෙනා කතරගම අභය භූමිය ආසන්නයේ කොච්චිපතාන රක්ෂිත ප්‍රදේශයට ඇතුළු වී මෙම ජිව දර්ශක එකතු කරමින් සිටිය දී වනජීවී දෙපාරත්මේන්තු නිලධාරින්ගේ අත් අඩංගුවට පත් විය.

මෙම මහාචාර්යවරයා සහ ඔහුගේ පුතා අත් අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඔවුන් සතුව සමනල් විශේෂ 92 කට හා බත්කූරු විශේෂ 09 කට අයත් සතුන් 160 කට ආසන්න සංඛ්‍යාවක් තිබී සොයාගෙන ඇත. සත්ත්ව දර්ශක ලෙස රසායනික සංරක්ෂණයක් කිරීමෙන් පසු මෙම බත්කූරන් හා සමනලුන් රසායනික ද්‍රව්‍ය යොදා ඉටි මලු වල ඇසුරුම් කර රටින් රැගෙන යෑමට මොවුන් සැලසුම් කර තිබී ඇත. මහාචාර්යවරයා සහ පුතා මේ සතුන් ඔවුන් ලඟට ගෙන්වා ගෙන ඇත්තේ සත්ත්ව ආකර්ෂණ රසායනිකයක් භාවිත කර බව පරික්ෂණ මගින් අනාවරණය වී තිබිණි.

ආරක්ෂිත සත්ත්ව විශේෂ 101 එකතු කිරිම,සන්තකයේ තබා ගැනීම හා ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ පසුගිය මැයි මස මොවුන් දෙදෙනා වනජීවි දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත්කර තිබුණේ චෝදනා 304 ක් යටතේ ය

RelatedPosts

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ හතරවන උප ලේඛනයේ හා 2009 සංශෝධිත පනතේ හත්වන උප ලේඛනය අනුව කොඳු ඇට පෙළ රහිත සතුන් ජාතික රක්ෂිතකදී මෙන්ම ඉන් පිටත දී ආරක්ෂිත සතුන් ලෙස නම්කර තිබේ.

ඌව කලාප භාර සහකාර වනජීවි අධ්‍යක්ෂ ඒ.ඩී.ඩි ඉන්ද්‍රජිත් ගේ උපදෙස් මත කොච්චිපතාන අඩවි ආරක්ෂක කේ.සුජීව මහතා මෙහෙයවීමෙන් යාල වනෝද්‍යාන භාරකාර මනෝජ් විද්‍යාරතනගේ ද සහය ඇතිව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ට එරෙහිව වනජීවි නියාමක එච්.කේ සමිත් විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ සැලෝන් සත්කාරයෙන් පසු හිස කෙස් ගැලවුන කාන්තාවට යෙදූ ආලේපන ගැන ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයෙන් පරීක්ෂණයක්!

Next Post

අපේ සාකච්ඡාව සමාජ මාධ්‍යයට දැම්මේ ජනාධිපතිගෙම කට්ටිය… වයිරල් කළේ රතු අලි ටික…මේ පෙනෙන්නේ වික්‍රමසිංහ දේශපාලනිකව බංකොලොත් වෙලා තියන විදිහ… මරික්කාර් කියයි!

Related Posts

පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.