fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශෂීන්ද්‍රලා ගෙන්වූ “චීන කුණු පොහොර“ වන්දියට සෑම පුරවැසියෙකුටම  රුපියල් 62ක් ගෙවන්න වෙලා!

මාස 8ක් ago
in පුවත්
532 6
0
Share on FacebookShare on Twitter

චීනයෙන් මෙරටට එවන ලද ව්‍යාධි ජනක අඩංගු කාබනික පොහොර වෙනුවෙන් ශ්‍රි ලංකාව චීන සමාගම වෙත ගෙවීමට එකඟතාව පළ කර ඇති වන්දි මුදලට අනුව මෙරට සෑම පුද්ගලයකුම රුපියල් 62ක මුදලක් ආසන්න වශයෙන්  චීනයට ගෙවිය යුතුව ඇත.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය යටතේ  ඇති කොමර්ෂල් පොහොර සමාගම විසින් මහජන බැංකුව හරහා විවෘත කරන ලද ණයවර ලිපියේ කොන්දේසි ප්‍රකාර ව මෙලෙස මහජන මුදලින් මෙම වන්දිය ගෙවීමට සිදුව තිබේ.

සාමාන්‍යයෙන් පස් දෙනකුගෙන් යුතු පවුලකට මෙම ප්‍රතික්ෂේපිත පොහොර නැව වෙනුවෙන් රුපියල් 310ක මුදලක්වත් ගෙවන්නට මේ අනුව සිදුව තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්දු රාජපක්ෂ ට අනුව රජය චීන පොහොර සමාගමට සහ මේ සඳහා අදාළ මැදිහත්වීම් සිදු කළ ශ්‍රි ලංකාවේ චීන තානපති කාර්යාලයට එකඟ වී ඇත්තේ ඩොලඒ මිලියන 6.7ක වන්දියක් මේ වෙනුවෙන් ගෙවීමය.

එම මුදල ශ්‍රී ලංකාවේ වර්තමාන නිල ඩොලර් අනුපාතයට අනුව රුපියල් මිලියන 1360කි. ශ්‍රි ලංකාවේ ජනගහණය මිලියන 22ක් ලෙස සැලකුවහොත් එක් පුද්ගලයකු රුපියල් 61.82ක් වේ.

ශ්‍රී ලංකාව මෙම සමාගමෙන් පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් පමණ ඇණවුම් කර ඇති බව සඳහන් වු අතර එයින් ටොන් 20,000කට ආසන්න ප්‍රමාණයක් නැව්ගත කරන ලද්දේ එහි පූර්ව සාම්පල මෙරට ජාතික පැළෑටි නිරෝධායන සේවය විසින් ව්‍යාධිජනක බැවින් ප්‍රතික්ෂේප කරන බවට දන්වා ඇති පසුබිමකය.

නිසි ආනයන බලපත්‍රයකින්ද තොරව මෙරටට බලහත්කාරයෙන් මෙන් ගෙනා මෙම ප්‍රතික්ෂේපික පොහොර තොගය මෙරටට ගොඩ බෑමට චීන පොහොර සමාගමත් චීන තානාපති කාර්යාලයත් දැඩි පරිශ්‍රමයක් ගත් අතර ඒ සඳහා මෙරට දේශපාලකයන්ද වක්‍ර බලපෑම් සිදු කළේය.

මෙම ගනුදෙනුවේ ගෙවීම් වාරණයට ලක් කරමින් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මහජන බැංකුවට එරෙහිව වාරණ නියෝගක්ද ගත් අතර මේ තත්ත්වය මත චීනය මහජන බැංකු අසාධු ලේඛනගත කිරීමටද පියවර ගත්තේය.

කෙසේ වුවද මහජන බැංකු බලධාරීන්ද පොහොර සමාගම අදාළ චීන පොහොර සමාගම සමඟ එකඟතාව පළ කර ඇති ගිවිසුමට අනුව මෙම මුදල ගෙවීමට සිදුවනු අති බව සඳහන් කළ අතර පසුව  චීන පොහොර නිෂ්පාදකයා වන ක්වින්ඩාවෝ සීවින් බයොටෙක් සමාගම මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක්ද ඉල්ලා සිටියේය.

අවසානයේ  දෙපාර්ශ්වයේ එකඟතාවන් මත මෙම පොහාර නැව හේතුවෙන් සිදුවූ හානියට වන්දි ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ගෑස් සංයුතියට අදාළව ලීට්‍රෝ සමාගමට උසාවියෙන් නියෝගයක්

Next Post

වෙරළ ආරක්ෂකයන් හා ධීවරයින් අතර ගැටුමකින් මිරිස්ස ධීවර වරාය උණුසුම් වේ!

Related Posts

ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!

අගෝස්තු 17, 2022
මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද...

දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)

අගෝස්තු 17, 2022

ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….

අගෝස්තු 17, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!
  • දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)
  • ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….
  • ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!
  • ජුලියන් ගැන රෝෂාන් තැබු සටහන….

ජනප්‍රිය පුවත්

  • පිහිනුම් ශූර ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් හෙට සීඅයිඩියට කැඳවයි !

    233 shares
    Share 93 Tweet 58
  • මාස්ක් එකක් නොදා චීන නැවේ කපිතාන්ට අතට අත දෙන්නට ගිය සරත් වීරසේකරට වෙච්චි දේ….

    320 shares
    Share 128 Tweet 80
  • රට තුළ ඩයස්පෝරා කාර්යාලයක් විවෘත කරනවා… ජනපති කියයි!

    215 shares
    Share 86 Tweet 54
  • බහුතර ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවෝ සර්ව පාක්ෂික ආණ්ඩුව අල කරති…

    172 shares
    Share 69 Tweet 43
  • හදිසි නීතිය ඉවතට!

    205 shares
    Share 82 Tweet 51
  • සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

    172 shares
    Share 69 Tweet 43

Highlights

ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!

ජුලියන් ගැන රෝෂාන් තැබු සටහන….

කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ

පුද්ගලයින් සහ සංවිධාන  අසාධුගත ලේඛනවලින් ඉවත් කරන්නේ කෙසේද?… ජනාධිපති කාර්යාලය පැහැදිලි කරයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!

by editor
අගෝස්තු 17, 2022
0

ඖෂධ හිඟයක්  ඇතිකිරීමට ඉඩ හැර හදිසි...

මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද...

දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)

by editor
අගෝස්තු 17, 2022
0

පසුගිය 13 වැනිදා යාල ජාතික වනෝද්‍යානයේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist