මනම්පිටිය නිමල් ජයරත්න –
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අම්පාර බණ්ඩාරදූව ගම්මානයේ සිවිල් වැසියන් තිස්දෙනකු කුරිරු ලෙස කපා, කොටා, ඝාතනය කර වසර 33 ක් පිරීම නිමිත්තෙන් එම වැසියන්ට පිං පැමිණවීමේ පිංකමක් බණ්ඩාරදූව විමලාරාම විහාරයේදී ඊයේ (07) රාත්‍රියේ සිදු කෙරිණි,
1990 අගෝස්තු 7 වෙනිදා අම්පාර බණ්ඩාරදූව ගම්මානයේදී එල්ටීටීඊ සංවිධානය විසින් අහිංසක සිවිල් වැසියන් තිස්දෙනකු කපා කොටා සමූහ ඝාතනයක් සිදුකර වසර 33 ක් පිරීම නිමිත්තෙන් එම පවුල්වල සාමාජිකාවන් විසින් උක්ක පිංකම සංවිධානය කර තිබිණි.
බණ්ඩාරදූව ශ්‍රී විමලාරාමාධිපති වලගම්පුර පුන්‍යරතන හිමියන් විසින් රාත්‍රියේදී බෝධි පූජා පිංකමක් පවත්වා මියගිය සාමාජිකයින් තිස්දෙනා වෙනුවෙන් පිං අනුමෝදන් කිරීමද සිදුකළහ,
ත්‍රස්තවාදීන් අතින් සමූහ ඝාතනයට ලක් වූ තිස්දෙනාගේ ඥාතිමිත්‍රාදීන් ඉල්ලා සිටියේ, යළි එවැනි කුරිරු අත්දැකීම් සහ යුදමය වාතාවරණයක් ඇති නොවීමට රටේ පවතින සියලු පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයින් සහ සියලු දමිළ, සිංහල මුස්ලිම්, දේශපාලනඥයින් නායකයින් ක්‍රියා කිරීමට කටයුතු කරන ලෙසය.







