අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය විද්වතුන් මාධ්‍ය හමුවට ගියේ ජනාධිපතිට කියලා බැරිම තැනයි !

A Medical Association representative says

by editor
මැයි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් හමුවී සෘජුවම කොව්ඩි මර්දනයට අදාළ කරුණු සහ කළ යුතු දෑ පිළිබඳව දැනුවත් නොකොට මාධ්‍ය හමුවට ගොස් ජනතාව බිය නොගන්වන ලෙස ඊයේ (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය වෘත්තිකයන්ට දැන්වුවද මෙරට ප්‍රධාන පෙළේ වෛද්‍ය සංගම් ඊයේ (21) මාධ්‍ය හමුවට ගියේ ජනාධිපතිවරයා දෙවතාවක්ම හමුවී කරුණු පැහැදිළි කිරීමකින් පසුව බව මෙම වෛද්‍ය සංගම් නියෝජිතයෙක් ලංකාසරට පැවසීය. ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය දෙවතාවක් ජනාධිපතිවරයාට රට වසා දැමීමේ යෝජනාවක් කළද එයට ජනාධිපතිවරයා කැමැත්තක් නොදැක්වූ බවත් මේ පිළිබඳව සියලු විශේෂඥයන් සමඟ සාකච්ඡාවකට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවක් ඉල්ලුවද ඒ සඳහා ජනාධිපතිවරයා වෙලාවක් නොදුන් බවත් මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් මෙම ප්‍රකාශකයා සඳහන් කළේ මුලින්ම ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය වන විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් ජනාධිපතිවරයා හමුවී ඉදිරියේදී රෝගය පැතිරීමේ වේගය අනුව ඉදිරියේදී ඇතිවිය හැකි රෝගීන් සංඛ්‍යාව වැඩිවීම පාලනය කිරීම සඳහා දැඩි සංචරණ සීමා පනවන ලෙස ඉල්ලා ඇත. එහිදි ජනාධිපතිවරයා ඔවුන්නේ ඉල්ලා ඇත්තේ ලොක්ඩවුන් කිරීම මඟින් රටේ ජන ජීවිතයට සහ ආර්ථිකයට බලපෑම් විය හැකි බැවින් ලොක්ඩවුන් කිරීම පිළිබඳව යොජනා නොකොට වෙනත් විකල්ප යෝජනා කරන ලෙසය.

කෙසේ වුවද ඊට පසුව පසුගිය මැයි මස 10 වැනිදා දැනට කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වන ආකාරය සමඟ අඩුම තරමේ දිස්ත්‍රික මට්ටමේ සංචරණ සීමා පැනවිය යුතු බවට යෝජනා කරන අතර මේ සම්බන්ධයෙන් මෙරට අදාළ විශේෂඥ වෛද්‍යවරුන් ගේ අදහස් ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කිරීම සඳහා තම වටිනා කාලය තමන් වෙනුවෙන් වෙන් කරන ලෙස ඉල්ලා ලිපියක් ජනාධිපතිවරයා වෙත යෙමු කොට ඇතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයටද එම අවස්ථාව ලැබී නොමැත.

පසුගියදා කොවිඩ් වසංගතය පිළිබඳව ජාත්‍යන්තර විද්වතකු වන හොංකොං සරසවියේ‍ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් සහ මහාචාර්ය කාමිනි මෙන්ඩිස් එක්ව සකසන ලද විද්‍යාව පදනම් කරගත් ශ්‍රි ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රමෝපාය සම්බන්ධ වාර්තා පළ වීමෙන් පසුව යළිත් මැයි මස 19 වැනිදා ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය ජනාධිපතිවරයා හමුවී දින 14ක කාලයක් රට වසා තබන ලෙසට ඉල්ලා ඇතත් එම ඉල්ලීම පිළිබඳවද ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ප්‍රජා විශේෂඥ වෛද්‍යවරියක වන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද මෙම යෝජනාවම ජනාධිපතිවරයා හමුවේ තබා ඇත.

අවසානයේ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ වෛද්‍ය විද්‍යායතන අන්තර් එකමුතුව එක්ව ඊයේ (22) මාධ්‍ය හමුවකට සහභාගී වී ඇත්තේ ජනාධිපතිවරයාට මෙම යෝජනාව කිරීමෙන් ඵලක් නොවූ තැන යයිද මෙම ප්‍රකාශකයා සඳහන් කළේය. ඒ අනුව ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශය සත්‍ය නොවන අතර වැරදි වැටහීමක් ජනතාවට යාම වැළකීම සඳහා මෙම කරුණ අනාවරණය කරන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ඊයේ… මරණ 44යි. ආසාදිතයන් 3538

Next Post

“ඔන්ලයින්“ – වචනයට යටින් සැඟවී ඇති ජීවිත ඛේදවාචකය….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.