බදාදා, ජූනි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය පාදෙණියගේ ඉල්ලීමට අගමැති එකඟ වෙයි

by Lanka Sara Editor
මාර්තු 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් කිරීමට පියවර
සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පස්වරුවේ දැනුම් දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා මෙලෙස එකඟත්වය පළ කළේය.

සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටලු හා එම ගැටලු විසඳා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා මෙම හමුවේ දී සාකච්ඡාවට ගැණිනි.

රජයේ වෛද්‍ය පීඨයකින් මේ වනවිට බිහිවන වෛද්‍යවරුන්ගේ වයස් සීමාව බොහෝවිට අවුරුදු 28 හෝ 30කට ආසන්න වන බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ පිළිබඳව වූ යෝජනා සළකා බැලූ අගමැතිවරයා රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන වෛද්‍යවරයෙකුගේ වයස් සීමාව අවුරුදු 22 හෝ 23 දක්වා අඩුකර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකාබද්ධව වැඩපිළිවෙලක් සකස් කරන්නැයි දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය විමසා බැලූ අග්‍රාමාත්‍යවරයා , වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.

විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියලුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62/63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳවද මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු විය. ඒ අනුව ඉදිරියේ දී අවශ්‍ය සංශෝධන සඳහා සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

පාසල් දරුවන්ගේ හා වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවන් සෞඛ්‍ය ආරක්ෂිත කිරීම, පාසල් දරුවන් අතරට වේගයෙන් පැතිරයන බෝ නොවන රෝග වසංගතය මැඩලීම හා ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට දුන් යෝජනා පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් විය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කේ.කපිල සී.කේ පෙරේරා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර, ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ලේකම් වෛද්‍ය එම්.ඒ්.ජේ.එස් ප්‍රනාන්දු, උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව, සංස්කාරක වෛද්‍ය එච්.පී අලුත්ගේ ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05යි… සමස්ථ මරණ ගණන 476යි…

Next Post

ගම්පහ මිනිස්සුන්ට මරණ වරෙන්තු ලියූ දොස්තර හෙර

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.