කීර්ති ප්‍රනාන්දු –
මෙරට වෛද්‍යවරු 209 දෙනෙක් සහ හෙදියන් දහසකට අධික පිරිසක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 37ක් අද(19) දිනය වනවිට කොවිඩ් ආසාදිතව ඇතැයි වාර්තා වේ.
කොවිඩ් ආසාදිතව මේ දක්වා වෛද්‍යවරු 03ක් සහ හෙදියන් 03ක් මියගොස් ඇත.
මේ වනවිට රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දහස ඉක්මවූ පිරිසක් කොවිඩ් ආසාදිතව ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ථ ලංකා හෙද සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සතු සංඛ්‍ය ලේඛන මේ බව තහවුරු කරයි.