-
මෙහෙම බලපෑම් කවදාවත් වුනේ නෑ… උද්ච්චකම නිසා නලින්ද හොඳටම ඇනගන්නා ලකුණු පළවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගම පවසයි…
වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ලැයිස්තුවලට සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සෘජුව මැදිහත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ බොහෝ පරිපාලන වෛද්‍යවරුන් අතර දැඩි අප්‍රසාදයක් ගොඩනැගී ඇතැයි වාර්තාවේ.
ස්ථානමාරු මණ්ඩලවල සාමාජිකයින් එකට රැස්වී සකස්කරන ස්ථානමාරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පෞද්ගලික අවශ්‍යතාවන් මත වෙනස්කිරීමට ඇමතිවරයා දැඩි බලපෑම් එල්ල කිරීම නිසා ස්ථාන මාරු මණ්ඩලවල නිලධාරීන් බරපතල කළකිරීමකට සහ පීඩාවකට පත්ව ඇති බව අමාත්‍යංශය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර සෞඛ්‍ය ඇමතිවරුන් ලෙස කටයුතු දේශපාලකයින් පවා සිය සමීප මිතුරන් හෝ ඥාතීන්ව තම අභිමතය පරිදි වෙනස් කර ස්ථානමාරු ලැයිස්තුව අවුල් කිරීමට බලපෑම් නොකළ බවද එම නිලධාරීහු පෙන්වා දෙති.
කෙසේ නමුත් වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ලැයිස්තුවට ඇමතිවරයා කරනු ලබන බලෑම් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මාලිමාවේ වෛද්‍යවරුන්ගේද දැඩි දෝෂ දර්ෂනයට හේතුවක් වී ඇති බව වාර්තාවේ.







